ජාවාරම්කරුවන්ට නිධන් වස්තු පිළිබඳ රහ වැටිලා – සිතුල්පව්ව පුදබිමේ ආරක්‍ෂාව තර කරන්න

164

– සිතුල්පව්ව රජමහා විහාරාධිපති හිමි

ජනාධිපති, අගමැති, ආරක්ෂක ලේකම් ඇතුළු ඉහළ නිලධාරීන්ගේ නිසි උපදෙස් හා ආරක්ෂක අංශ ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ තිබූ කැපවීම තුළ ඓතිහාසික සිතුල්පව්වේ නිධන් හොරු අල්ලා ගැනීමට හැකි වූ බවත්, කැපවීමෙන් කටයුතු කළ සියලූ දෙනාට පුණ්‍යානුමෝදනා කරන බවත් ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරය, යටගල රජමහා විහාරය ඇතුළු අෂ්ඨ මහා විහාරාධිපති, දකුණු පළාතේ ප‍්‍රධාන සංඝනායක, ශාස්ත‍්‍රපත් මැටරඹ හේමරතන නාහිමියෝ ඊයේ (03 දා) සවස අප කළ විමසීමකදී පැවසීය.

එහිදී උන්වහන්සේ වැඩිදුරටත් මෙසේද පැවසීය.

ඉකුත් 31 දා අලූයම 2.15 ට පමණ සිතුල්පවුවේ ආරක්ෂාව සඳහා යොදවා සිටි හමුදා නිලධාරියෙකුට කුඩා සිතුල්පව්ව දෙසින් යම් ශබ්දයක් ඇසී ඇති අතර එහි යම් සිදුවීමක් වන බවට ඔහුට හැඟී ගොස් තිබුණා. ඒ අනුව එම නිලධාරියා වහාම මා වෙත මේ පිළිබදව දැනුම් දුන්නා. එහිදී මා විහාරස්ථානයේ සිටි පොඩි හාමුදුරුවන් ඇතුළු සියලූ දෙනාට කතා කර අතට අහුවෙන දෙයක් අරන් එම දෙසට යන ලෙසට උපදෙස් දුන්නා. ඒත් එක්කම මං කටගමුව භාර වනජීවි නිලධාරී සුජීව මහතාට දැනුම් දුන් අතර එහිදී එතුමා සියලූ දොරටු වසා දැමීම සිදුකළා. ඒ වගේම මේ පිළිබඳව මං තිස්සමහාරාම හා කිරින්ද පොලිස් ස්ථාන වෙත හා ජනාධිපතිතුමන්ට, අගමැතිතුමන්ට හා ආරක්ෂක ලේකම් තුමන්ට දුරකතනයෙන් කතා කර සිද්ධිය පිළිබඳව දැනුවත් කළා. වහාම සියලූ අංශ දැනුවත් කිරීමට හැකි වීම නිසාත් ආරක්ෂක අංශ දරුවන්ගේ කැපවීමත් නිසා පැය 24 ක් යන්නත් කලින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වුණා.

මත්තල – දිලීප් එන් ජයසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment