ජැකලීන්ට අවාසනාව ගෙනා සම්බන්ධය

877

ලංකාවෙ ඉපදිලා ලෝකයක් ජයගත්තු පිරිස අතර ජැකලීන්ගේ නම ඉහළින්ම සඳහන් වෙනවා. මොකද ඇය සම්බන්ධවෙලා ඉන්නේ ලෝකයේ දෙවැනියට බලවත්ම සිනමාව වන බොලිවුඩ්වලට නිසා. බොලිවුඩ් නිළියක් විදිහට ජැකලීන් ලබාගත්තු ජනප්‍රියත්වය සුළුපටු නැහැ. නමුත් මෑතක ඉඳන් ඇයට බොහෝ නීතිමය ප්‍රශ්නවලට මුහුණ දෙන්න වුණා. ඒ අතරින් ඉහළින්ම තිබුණේ සුකේෂ් චන්ද්‍රසේකරන් නමැති පාතාලයට සම්බන්ධකම් ඇති පුද්ගලයකු ගේ රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධිකරණය සම්බන්ධ චෝදනාවක්. සරළවම කීවොත් කළු සල්ලි සුදු කරපු කේස් එකක්. මේ ප්‍රශ්නය නිසාම ජැකලීන් අවස්ථා කිහිපයකදීම අධිකරණය හමුවේ පෙනී සිටියා. නමුත් පසුගියදා ඉන්දීය අධිකරණයක් විසින් ජැකලීන්ට අයත් රුපියල් කෝටි 7.12ක ස්ථාවර තැන්පතුවක් සහ රුපියල් කෝටි 7.25ක පෞද්ගලික මුදල් රාජසන්තක කරන එක. ඔවුන්ට ලැබී ඇති සාක්‍ෂිවලට අනුව ජැකලීන් සුකේෂ් සමඟ සම්බන්ධයක් පවා පවත්වා තිබෙනවා. ඒ නිසාම ඇයට සහ ඇගේ පවුලේ අයට ඔහුගෙන් මුදල් තෑගි පවා ලැබී තිබෙනවා. ඒ නිසා තමයි ජැකලීන්ව ප්‍රශ්න කිරීම්වලට කැඳවා තිබුණේ. ඉන්දීය බුද්ධි අංශ නිළධාරීන් ඉදිරියේ ඇය 2017 වසරේ සිට තමන් සුකේෂ් සමඟ සම්බන්ධයක් පැවැත්වූ බව පිළිගෙන තිබෙනවා. ඒ වගේම ඔහු දකුණු ඉන්දීය ජනප්‍රිය දේශපාලන චරිතයක් වූ ජයලලිතාගේ පවුල සමඟ සම්බන්ධ බවත් ඇය සමඟ පවසා තිබෙනවා. සුකේෂ් විසින් ඔස්‌ට්‍රේලියාවේ සිටින ජැකලීන් ගේ සොහොයුරාටත් රුපියල් ලක්‍ෂ 15ක් පමණ මාරුකර තිබෙනවා.

 “ඇත්තටම මම 2017 වසරේ සිට ඔහුව හඳුනනවා. නමුත් ඔහුව අත්අඩංගුවට ගත්තායින් පසුව අපි කිසිම අවස්ථාවක හමු වුණේ නැහැ. මම දන්නේ ඔහු සන් ටීවී එකේ අයිතිකරු කියලා විතරයි. එතනින් එහා දෙයක් මම දන්නේ නැහැ.” යනුවෙන් ජැකලීන් සඳහන් කර තිබුණා.

ජැකලීන්ට අවාසනාව ගෙනා සම්බන්ධය

ඇගේ සොහොයුරා කටඋත්තරයක් දෙමින් ප්‍රකාශ කළේ තම සොහොයුරිය සුකේෂ්ගෙන් ඩොලර් 150,000.00ක ණයක් ලබාගත් බවයි. කොහොම නමුත් පහුගිය කාලෙ ජැකීගේ සහ සුකේෂ්ගේ සමීප ඡායාරූප කිහිපයක්ම අන්තර්ජාලයට මුදාහැරලා තිබුණා. මේක කළේ කවුද කියල නොදන්නවා වුණත් එයින් ඔවුන් දෙදෙනා අතර සම්බන්ධයක් තිබුණා කියලා පැහැදිලිවම අවබෝධ කරගන්න පුළුවන් වුණා. ඒ වගේම සුකේෂ් ඔවුන් ගේ සම්බන්ධතාව ගැන සඳහන් කරලා සටහනක් ද සමාජ මාධ්‍යයට යොමු කර තිබුණා.

 “අපි දෙදෙනා අතර සමීප සම්බන්ධයක් තිබුණා. ඒක අපි එකිනෙකා මුණගැහෙන කතාබහ කරන සම්බන්ධයක්. මුදල් ගනුදෙනු කරන සම්බන්ධයක් නෙවෙයි. එහිදී මම ඇය වෙනුවෙන් යම් යම් තෑගි පවා ලබා දුන්නා. නමුත් ඒක වැරදි වැඩකට ලබාදුන් ඒවා නෙවෙයි. වැරදි විදිහට උපයා ගත්තු ඒවත් නෙවෙයි. අපි අතර තිබුණේ ආදරය සහ ගෞරවය පමණයි. ඒ නිසයි මම

 ඇගේ පවුලේ අයට පවා උදව් කරන්න ඉදිරිපත් වුණේ. ඒක අපේ පුද්ගලික කාරණයක්. මට තේරෙන්නේ නැහැ ඇයි මේක මේ තරම් ලොකු දෙයක් කරගෙන තියෙන්නේ කියලා. කොහොම නමුත් ඉදිරියේදී උසාවිය තුළ ඇත්ත එළිදරව් වෙයි.”

 මුදල් වලට අමතරව ජැකලීන්ට සුකේෂ්ගෙන් මිල අධික තෑගි බොහෝමයක් ලැබී තිබුණා. ඒ අතර” ඨමජජසල ක්‍ය්බැක වලින් නිර්මාණය කළ බෑග්” ඇඳුම්” ව්‍යායාම ඇඳුම්” ඛදමසි ඪමසඑඑදබ සපත්තු” දියමන්ති කරාබු යුගළ දෙකක් සහ ්‍යැරපැි වළලු දෙකක් ද තිබුණා. මේ සම්බන්ධව ජැකලීන් කිසිම අදහසක් ඉදිරිපත් කර තිබුණේ නැහැ. ඒ වුණත් ඇය තමන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් මෙහෙම දෙයක් ප්‍රකාශ කරලා තිබුණා.

 “ඉන්දියානුවන් මට සෑම විටකම ඉමහත් ආදරයක් සහ ගෞරවයක් ලබා දුන්නා. ඒ වගේම මාධ්‍ය මිතුරන් පවා මට ගොඩක් උදව් කළා. මම දැන් කළු පැල්ලමක් හරහා ගමන් කරමින් සිටිනවා. මේක බොහොමත්ම අසීරු කාල සීමාවක්. ඒ නිසා මගේ රසිකයින් සහ මිතුරන් මාව තේරුම් ගනීවි යැයි මා විශ්වාස කරනවා. මගේ පුද්ගලිකත්වයට හානි වන ආකාරයේ ඡායාරූප සමාජ මාධ්‍යයට යොමු නොකරන ලෙස මා මාධ්‍ය මිතුරන්ගෙන් ඉල්ලනවා. ඔබ ඔබේ ආදරණීයයන්ට එහෙම දෙයක් වනවාට කැමති නැති බව මා දන්නවා. ඒ නිසා මා වෙනුවෙනුත් එහෙම හිතන්න. යුක්තිය ඉටුවනතුරු අපි බලා සිටිමු.”

ජැකලීන්ට අවාසනාව ගෙනා සම්බන්ධය

බොහෝ දෙනා ප්‍රකාශ කරන්නේ මේක ජැකලීන්ගේ වෘත්තීය ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවයි. බොහෝ දෙනෙක් ඇගේ සිනමාපට වර්ජනය කරන ලෙස ඉල්ලා සමාජ මාධ්‍යයේ පෝස්ට් පවා පලකර තිබුණා. ඒ විතරක් නෙවෙයි අධ්‍යක්‍ෂවරුන් සහ නිෂ්පාදකයින් පවා ඇයව නිර්මාණවලට සම්බන්ධ කරගන්න මැළිකමක් දක්වනවා කියලත් ආරංචි වෙනවා. මේක ඒ තරම් හොඳ තත්ත්වයක් නෙවෙයි. 90 දශකයේ අතිෂය ජනප්‍රිය නිළියක් වූ මමිතා කුල්කර්නිගේ බොලිවුඩ් ගමන නිමා වුණෙත් ඇය පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ පැවැත්වූ සම්බන්ධතා නිසාවෙන්මයි. ජැකලීන් මේ තැනට ආවෙ ලොකු කැපකිරීමක් කරලා. ඒ වගේම ගොඩක් මහන්සි වෙලා.

 බොලිවුඩයේ ඉන්න බහුතරයක් නළු නිළියන්ට මේ වගේ සම්බන්ධතා තියෙනවා. එහෙම නැතිනම් එයාලට උඩට එන්න අමාරුයි. නමුත් ජැකීගේ අවාසනාවට තමයි මේ වැඩේ පත්තු වුණේ. ඒ නිසා මේ කළු පැල්ලම මකන එක ඒ තරම් ලේසි නැහැ. කොහොම නමුත් ඇය අභියෝගවලට බය කෙනෙක් නෙවෙයි. ඉදිරියේදී ඇය රංගනයෙන් දායක වන සිනමාපට කිහිපයක්ම තිරගත වෙන්න නියමිතයි. ඒ අතරින් ජෝන් ඒබ්‍රහිම් සමඟ රඟපෑ ඇටෑක් සිනමාපටය සහ ආක්ෂය කුමාර් සමඟ රඟපෑ රාම් සේතු සිනමාපටය විශේෂයි. මොන ප්‍රශ්න තිබුණත් ඇය සිනමාපට ප්‍රවර්ධනය කරන වැඩසටහන්වලටත් සහභාගී වෙනවා.

 ජැකලීන් කියන්නේ ලංකාවට සම්පතක්. මොකද ලංකාවෙ නම ජාත්‍යන්තරයට අරගෙන යන්න ඇය විශාල වැඩකොටසක් කළා. නමුත් වරදක් කළා නම් එක්ට දඩුවමක් තියෙන්නම ඕනි. ඒ වුණත් මේ අසීරු අවස්ථාවට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වෙන්න කියලා අපි ඇයට සුබ පතන්න ඕනි. මොකද ඕනෑම කෙනකු ගේ ජීවිතයේ අඳුරු පැතිකඩක් තියෙනවා. ඒක ගොඩක් භයානකයි වගේම දුක් සහගතයි.


 අමිල නුවන් මධුසංඛ

advertistmentadvertistment
advertistmentadvertistment