ජැකලීන් රඟන The Women Story ඔස්කාර් යයි

136

ඔන්න දැන් බොලිවුඩ් වලින් අලුත් තරුවක් හොලිවුඩ් වරම් ලබලා. ඒ තමයි අපේ ජැකලීන්. ජැකලීන් මුල් වතාවට තමයි හොලිවුඩ් නිර්මාණයකට සම්බන්ධ වෙන්නේ. ඒ Tell It Like a Woman කියන සිනමාපටයෙන්. ඇත්තටම ඒක වෙනස් විදිහේ සිනමාපටයක්.

2022 වසරේ නිර්මාණය කරන ලද මේ චිත්‍රපටය විවිධ රටවල්වල අධ්‍යක්‍ෂවරුන් කිහිපදෙනකු ගේ එකතුවෙන් කරන ලද නිර්මාණයක්. ඉතාලිය” ඉන්දියාව” ජපානය සහ ඇමරිකාව යන රටවලදී රූගත කරන ලද මෙම සිනමාපටය සඳහා කැතරිනා හාර්ඩ්වික්” කැතියා ලුන්ඩ්” ලුසියා පුඑන්සො” පැටී්‍රෂියා රීජන්” මල්ගොසාටා සුමාවොස්කා” මාරියා සෝලේ සහ රොබින් රයිට් යන පිරිසගේ අධ්‍යක්‍ෂණයෙන් හැඩවෙනවා.

ජැකලීන් රඟන The Women Story ඔස්කාර් යයි

පහුගිය දවස්වල Tell It Like a Woman චිත්‍රපටය ඇකඩමි සම්මානය සඳහා නිර්දේශ වෙලා. මේ ගැන ගොඩක් අය කතා කරන්නේ මේක කාන්තා මූලික සිනමාපටයක් නිසා. මූලික කාන්තා චරිත 06ක් වටා දිවයන මෙම සිනමාපටය සමාජයේ ජීවත්වෙන විවිධාකාරයේ කාන්තා චරිත අපිට දැකගන්න පුළුවන්. ජැකලීන්ට අමතරව මේ චිත්‍රපටයේ කාරා” මර්සියා” මාර්ගරිටා” ඊවා” ඩැනියෙල්” නටේ ජොන්ස්” ජෙනිෆර් හුඩ්සෙන් වගේ අය රංගනයෙන් දායකවෙනවා.

නමුත් මෙය ඔස්කාර් සම්මානය සඳහා නිර්දේශ වෙන්නේ හොඳම චිත්‍රපටය සඳහා නම් නෙවෙයි. හොඳම ගීතය වෙනුවෙන්. ඩියානා වරෝන් විසින් ගායනා කරනු ලබන ඇපලුස් කියන ගීතය ඔස්සේ කාන්තාවන් පිළිබඳ වෙනස්ම කෝණයකින් කතාකරනවා. බොහෝ දෙනා කියන්නේ මේක ජැකලීන්ට ලැබුණු සුපිරි අවස්ථාවක් කියලයි. සමහරවිට ඇයටත් මේ සම්මාන උත්සවය සඳහා සහභාගි වෙන්න අවස්ථාවක් හිමිවෙයි. එහෙම වුණොත් ඒක ශ්‍රී ලාංකික සම්භවයක් සහිත අයෙක් ඔස්කාර් සම්මාන උළෙලක් නියෝජනය කරනු ලබන පළමු අවස්ථාව විදිහට ඉතිහාගත වෙයි. ජැකලීන්ට පහුගිය කාලෙ ඒ තරම් සුබදායී එකක්නම් වුණේ නැහැ. මොකද ඇය ජාත්‍යන්තර මුදල් වංචාකරු සුකේෂ් චන්ද්‍රසේකර්ගේ නඩුවේ ප්‍රධාන සැකකාරියක් විදිහට ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දුන්නා. තවමත් ඒ ප්‍රශ්නය සමතයකට පත් වෙලා නැහැ. මේ නිසා ජැකලීන්ගේ සිනමා ජීවිතයට එකතු වුණේ බරපතළ කළු පැල්ලමක්.

පහුගිය සතියේ ඇයට ඩුබායි සංදර්ශනයක් සඳහා සහභාගි වෙන්නත් රේගුවෙන් අවසර හිමිවුණේ නැහැ. නමුත් ඇය අභියාචනයක් මගින් ඒකට කැමැත්ත අරගෙන තිබුණා. ඔස්කාර් වගේ සම්මාන උළෙලක් වෙනුවෙන් තේරී පත්වුණු ජැකලීන් වගේ කෙනෙකුට නීතිමය වශයෙන් බාධා එල්ලකරන එක රටක් වශයෙන් ඉන්දියාවට ලොකු අපකීර්තියක් එකතුකරන කාරණයක් කියලා තමයි විචාරකයන් කියන්නේ. සමහර විට මේ කාරණය නිසාම උසාවියෙන් ජැකලීන්ට එරෙහිව තියෙන චෝදනා ලිහිල් කරන්නත් පුළුවන්. පහුගිය කාලෙ ජැකලීන් රඟපාපු ගොඩක් නිර්මාණ අසාර්ථක වුණා.

ජැකලීන් රඟන The Women Story ඔස්කාර් යයි

Tell It Like a Woman හරහා ආයෙමත් ජැකලීන්ට තමන්ගෙ සිනමා ජීවිතයේ අලුත් පියවරක් තබන්න හැකියාව ලැබෙයි. ශ්‍රී ලාංකික තරුණියක් විදිහට ජැකලීන් ලබාගත්තු සාර්ථකත්වය උහුලාගන්න බැරි පිරිසකුත් ඉන්නවා. ඒ අය ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ ජැකලීන්ව බිමට ඇදලා දාන්න. ඒ වුණත් ජැකලීන් කියන්නේ ගොඩක් ශක්තිමත් කාන්තාවක්. ඇය තමන්ට එන අභියෝගවලට නොබියව මුහුණු දෙනවා. Tell It Like a Woman චිත්‍රපටය ඔස්කාර් නියෝජනය කරන්නේ ඉන්දියානු චිත්‍රපටයක් විදිහට නම් නෙවෙයි. මේක හොලිවුඩ් නිර්මාණයක්. වර්තමානය වන විට මෙම චිත්‍රපටයේ ගීතය බොහෝ දෙනාගේ අවධානයට යොමු වෙලා තියෙනවා. එස්. එස්. රාඡ්මෞලීගේ චිත්‍රපටයත් මෙවර ඔස්කාර් උළෙල නියෝජනය කරන නිසා මේ ගැන ලොකු උණුසුමක් බොලිවුඩ්වල ඇතිවෙලා තියෙනවා.

● අමිල නුවන් මධුසංඛ

advertistmentadvertistment
advertistmentadvertistment