ජැක්සන්ගේ අපූරු රංගනය දැක ගැනීමට පැමිණ…

487

මේ වනවිට රෝගාතුරව සිටින ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී විශිෂ්ට රංගනයක නියැළෙන සීරුවෙන් සිනමාපටයේ විශේෂ දර්ශනයක් පසුගියදා කොළඹ ස්කෝපි සිනමා ශාලවේදී පැවැත්විණ. ඉදිරියේදී තිරගත වීමට නියමිත සීර්වෙන් සිනමාපටයේ ජැක්සන් ඇන්තනීගේ මෙතෙක් අප නොදුටු රංගනයක් ඇතුළත්ය. ඔහු මෙම සිනමාපටයේදී දෑස් අන්ධ විශ්‍රාමික හමුදා නිලධාරියකුගේ චරිතයක් නිරූපණය කරයි. හුස්ම සිනමාපටයෙන් සිනමාවට පිවිසි සුදේශ් වසන්ත පීරිස්ගේ දෙවන සිනමා නිර්මාණය ලෙස ප්‍රෙක්ෂකයා හමුවට එන මෙම සිනමාපටය නිෂ්පාදනය කර තිබෙන්නේ නිහාල් විජේසිංහ විසිනි.

ජැක්සන්ගේ අපූරු රංගනය දැක ගැනීමට පැමිණ...
ජැක්සන්ගේ අපූරු රංගනය දැක ගැනීමට පැමිණ...

ජැක්සන් ඇන්තනී, දසුන් පතිරණ, බුද්ධික ජයරත්න ඇතුළු තවත් ජනප්‍රිය ශිල්පීන් රැසක් සීරුවෙන් සිනමාපටයේ චරිත නිරූපණය කරති. ඡායාරූපයේ දැක්වෙන්නෙ එදින පැවැති සීරුවෙන් සිනමාපටයේ තම හිතාදර කලාකරුවාගේ සුවිශේෂී රංගනය දැක බලා ගැනීමට පැමිණි සහෝදර කලාකරුවන්ය.

advertistmentadvertistment
advertistmentadvertistment