ජැක්සන්ට බරපතලයි

1088


සිය මොටර් රථය අලියෙක් ගැටීම නිසා වූ අනතුරින් බරපතල තුවාල ලැබූ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.ඒ මහතාගේ බෙල්ලේ අස්ථි දෙකකට හානි සිදුවී ඇති අතර පෙනහළු වලටද බරපතල හානි සිදුවී ඇතැයි වෛද්‍යවරු පවසති.හෙට ඔහු සැත්කමකට ලක් කිරීමට නියමිතය. මේ අතර මෙම අනතුරින් සමන් ඇන්තනී මහතාටද බරපතල තුවාල සිදුව ඇත.ඒ මහතා අනුරාධපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.ඔහුගේ පෙනහළ දෙකටද හානි සිදුව ඇත.තුවාල ලැබූ අනෙක් පුද්ගලයාට් හිසේ කැපුම් තුවාලයක් සිදුව ඇති අතර එය බරපතල නැතැයි අනුරාධපුර රෝහල පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment