ජැක්සන් බලන්න ජනපති යයි…

205

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ සුවදුක් විමසීම සඳහා ඊයේ (19 දා) ගියේය.

රෝහල වෙත ඊයේ උදෑසන හදිසියේම පැමිණි ජනාධිපතිවරයා ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ ද හමුවී සුවදුක් විමසා ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ අතර ඉදිරි ප්‍රතිකාර සඳහා යම් උපකාරයක් අවශ්‍ය නම් වහාම තමන් දැනුවත් කරන ලෙස එහිදී පවසා ඇත.

වෛද්‍ය ප්‍රතිකාර සේම ආගමික හා ආධ්‍යාත්මික ආශිර්වාදය ද ඉතා වැදගත් බැවින් ජැක්සන් ඇන්තනී මහතාට සෙත් පතා ආගමික ආශිර්වාද වැඩසටහනක් කිරීමට කටයුතු කරන ලෙස ද, ඊට සිය උපරිම සහාය ලබා දෙන බව ද ජනාධිපතිවරයා එහිදී ඇන්තනී මහතාගේ පවුලේ සාමාජිකයන්ට ප්‍රකාශ කර තිබේ.

අනතුරුව ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා හමුවූ ජනාධිපතිවරයා රෝහලේ අනෙකුත් රෝගීන්ට අවශ්‍ය, දැනට හිඟතාවය සහිත ඖෂධ කඩිනමින් සැපයීමට ක්‍රියාකරන බව පොරොන්දු වූ අතර දිවයින පුරා රෝහල්වල බෙහෙත් හිඟයෙන් පීඩාවට පත්ව සිටින රෝගීන්ගේ ජීවිත සම්බන්ධයෙන් තමාට විශාල වගකීමක් ඇති බව ද ප්‍රකාශ කර ඇත.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment