ජැෆ්නා කිංග්ස් එල්.පී.එල්. පළමු ජය ලබයි

143

ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලියේ මෙවර පළමු ජයග‍්‍රයණය වාර්තා කිරීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ (07 වැනිදා) සමත්විය. එ් ඊයේ පැවැති තරගයේදී දසුන් ශානකගේ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම කඩුලූ 8කින් පරාජයට පත් කරමිනි.

ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී ලකුණු 110ක පහසු ඉලක්කයක් හඹා ගිය ජැෆ්නා පිතිකරුවෝ පන්දුවාර 12යි පන්දු 3කදී කඩුලූ 2ක් පමණක් දැවී අදාළ ඉලක්කය පසුකර යෑමට සමත්වූහ. ජැෆ්නා කණ්ඩායමේ ජයග‍්‍රාහී ලකුණ වාර්තා කළ ෂොයිබ් මලික් පන්දු 10කදී නොදැවී ලකුණු 26ක් වාර්තා කළේය. ඊට හයේ පහර 3ක් ඇතුළත් විය.

ටොම් කොලර් පන්දු 30කදී නොදැවී ලකුණු 45ක් වාර්තා කළ අතර ඊට හයේ පහර 2ක් සහ හතරේ පහර 5ක් ඇතුළත් විය. අවිශ්ක ප‍්‍රනාන්දු පන්දු 27කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 1ක් සමගින් ලකුණු 33ක් වාර්තා කළේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල ඉනිමේ බලාපොරොත්තු සුන් කර දැමීමට වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ සමත් විය. එහිදී සුපිරි පන්දු යැවීමක නිරත වූ හසරංග සිය පන්දුවාර 4 තුළදී ලකුණු 16කට දඹුල්ල ඉනිමේ කඩුලූ 3ක් බිඳ දැමීය. මහීෂ් තීක්‍ෂණ එක් නිලකුණු පන්දුවාරයක් සමගින් සිය පන්දුවාර හතර ඇතුළතදී ලකුණු 22කට ප‍්‍රතිවාදී කඩුලූ 3ක් බිඳ දැමීය. සුරංග ලක්මාල් සහ ජේඩන් සීල්ස් කඩුලූ දෙක බැගින් දවා ගැනීමට සමත්වූහ.

දඹුල්ල වෙනුවෙන් වැඩිම ලකුණු වාර්තා කළ නවනිදු ප‍්‍රනාන්දු පන්දු 25කින් ලකුණු 23ක් වාර්තා කළ අතර චාමික කරුණාරත්න ලකුණු 18ක් ලබා ගත්තේය.

ලකුණු සාරාංශය

දඹුල්ල ජයන්ට්ස් පන්දුවාර 19.3කදී සියලූදෙනා දැවී ලකුණු 110යි (නවනිදු ප‍්‍රනාන්දු 23, චාමික කරුණාරත්න 18, රමේෂ් මෙන්ඩිස් 14, දසුන් ශානක 13, පිල් සාල්ට් 13, වනිඳු හසරංග 16/3, මහීෂ් තීක්ෂණ 22/3, සුරංග ලක්මාල් 28/2, ජේඩන් සීල්ස් 23/2)

ජැෆ්නා කිංග්ස් පන්දුවාර 12.3කදී කඩුලූ 2ක් දැවී ලකුණු 114යි (අවිශ්ක ප‍්‍රනාන්දු 33, ටොම් කොලර් (නොදැවී) 45, ෂොයිබ් මලික් (නොදැවී)26, ඉම්රාන් තහීර් 20/1, නුවන් ප‍්‍රදීප් 39/1)

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment