ජැෆ්නා කින්ග්ස් අවසන් මහා තරගයට

225

ශ්‍රි ලංකා ප්‍රිමිය ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද පැවැති ජැෆ්නා කින්ග්ස් සහ දඹුල්ල ජයන්ට් අතර තරගයේ දී ලකුණු 23 ක ජයක් ජැෆ්නා කින්ග්ස් ට හිමි විය. ඒ අනුව අනිද්දා පැවැත්වෙන ගෝල් ග්ලැඩියේටර් සමග අවසන් මහා තරගය ට සුදුසු කම් ලැබීය.පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා කින්ග්ස් සිය පන්දු වාර 20 අවසානයේ කඩුලු 04 ක් දැවී ලකුණු 204ක් ලබාගත්තේය.දඹුල්ල ජයන්ට් ට සිය පන්දු වාර 20 අවසානයේ ලබාගත හැකි වූයේ කඩුලු 09ක් දැවී ලකුණු 187කි.

advertistmentadvertistment
advertistmentadvertistment