ජිනීවා අන්තර් ක‍්‍රියාකාරී සංවාදයේදී රටවල් 45න්  31කම සහාය ලංකාවට

273

ජිනීවා නුවර මානව හිමිකම් කොමිසමේදී ශ‍්‍රී ලංකාව සම්බන්ධව පැවැති අන්තර් ක‍්‍රියාකාරී සංවාදයේදී ඊට සහභාගි වූ රටවල් 45න් 31ක්ම ශ‍්‍රී ලංකාවට සහාය පළ කරමින් අදහස් දක්වා ඇත.

මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය විසින් ශ‍්‍රී ලංකාව සම්බන්ධව ලිඛිත යාවත්කාලීන කිරීම සඳහාවූ සංවාදය ආරම්භ කරනු ලැබුවාය. එහිදී ඊට සහභාගිවූ රටවල් ශ‍්‍රී ලංකා රජය ප‍්‍රතිසන්ධානය සඳහා සැලකිය යුතු ප‍්‍රයත්නයක් ගෙන තිබීම සම්බන්ධව සහාය පළ කළේය.

කොවිඞ් වසංගතය හමුවේ වුව එම අභියෝග ජයගෙන ව්‍යවස්ථාදායක ප‍්‍රතිසංස්කරණය ඇතුළු ජාතික ක‍්‍රියාදාමයන් හරහා සංහිඳියාව සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීමට ශ‍්‍රී ලංකාව දක්වන කැපවීම සහ ඒ සම්බන්ධව ලබා ඇති ප‍්‍රගතියද මෙහිදී පැසසුමට ලක් විය.

ඉකුත් 07 වැනිදා පැවැති මෙම අන්තර් ක‍්‍රියාකාරී සංවාදයේදී ශ‍්‍රී ලංකාවට සහාය පළ කළේ සෞදි අරාබිය, ඊජීප්තුව, පිලිපීනය, නේපාලය, කෙන්යාව, ඉතියෝපියාව, මාලදිවයින, චීනය, කියුබාව, ජපානය, සිරියානු අරාබි ජනරජය, වියට්නාමය, කොරියාව, වෙනිසියුලාව, නයිජීරියාව, පාකිස්ථානය, කාම්බෝජය, රුසියාව, ලෙබනනය, උගන්ඩාව, බෙලරූස්, සිම්බාබ්වේ, එරිත‍්‍රියාව, දකුණු සුඩානය, ලා ඕසය, යේමනය, ඉරානය, නයිජර්, කසකස්තානය, බංග්ලාදේශය, සහ අසර්බයිජානය යන රටවල් 31ය. දකුණු අග්නිදිග සහ මධ්‍යම ආසියාවේ හා අප‍්‍රිකානු සමූහයේ රටවලින් මෙලෙස සහායක් ලැබීම ගැන ශ‍්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය සිය ප‍්‍රසාදය පළ කර සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment