ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පයින් ගසා ස්විස් ජනතාව ත‍්‍රස්ත මර්දන පනත අනුමත කරති

1487

ත‍්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා ස්විස් පාර්ලිමේන්තුව ඉදිරිපත් කළ ත‍්‍රස්ත මර්දන පනත එරට ජනතාව විසින් 56.6% ක ඡන්දයකින් අනුමත කර ඇත. මේ නිසා ත‍්‍රස්තවාදය මර්දනයට පොලිසියට පුළුල් බලතල හිමිවේ. මේ ත‍්‍රස්ත මර්දන පනතට එරෙහිව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන් මෙන්ම ජිනිවා මානවහිමිකම් කවුන්සිලයද රාජ්‍ය නොවන සංවිධානද දැඩි විරෝධය දක්වා තිබිණි.

මෙම විරෝධය නිසා ස්විස් රජය එම පනත ජනමත විචාරණයට ලක් කළේය. එකී ස්විස් ත‍්‍රස්ත මර්දන පනත සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත නීල්ස් මෙල්සර් ඇතුළු නිලධාරීන් සිවු දෙනෙක් පනතේ ඇතැම් වගන්ති අහෝසි කරන ලෙස ස්විස් රජයෙන් ඉල්ලා තිබිණි. එහෙත් ස්විස් රජය පනතේ වගන්ති ඉවත් කිරීම ප‍්‍රතික්‍ෂෙප කර ඇත. මෙම නව පනත යටතේ වයස අවුරුදු 12 වූ ළමුන්ද ත‍්‍රස්ත කටයුතුවල යෙදෙන්නේ නම් ඔවුන් අත්අඩංගුවට ගත හැක.

advertistmentadvertistment
advertistmentadvertistment