ජිනීවා යති

264

49 වැනි ජිනිවා මානව හිමිකම් සමුළුව පෙබරවාරි 28 දා (හෙට) ආරම්භ වේ. විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් සහ අධිකරණ ඇමැති අලි සබ්රි යන මහත්වරුන් ඇතුළු නියෝජිත කණ්ඩායමක් ශී‍්‍ර ලංකාව වෙනුවෙන් මෙම සමුළුවට සහභාගි වෙති.

මෙවර මානව හිමිකම් සමුළුවේදී ශී‍්‍ර ලංකාව සම්බන්ධව මානව හිමිකම් කොමසාරිස් මිෂෙලි බැචලේ තම වාර්තාව මාර්තු 3 වැනිදා ප‍්‍රකාශයට පත් කරනු ඇත.

ඒ සඳහා ඡන්ද විමසීමක් නොපැවැත්වීමට මානව හිමිකම් කොමසාරිස්වරිය තීරණය කර තිබේ. ඇය ශී‍්‍ර ලංකාවට එරෙහිව එල්ල කර ඇති චෝදනා අතර රජයේ පාලනය මිලිටරි කරණය කිරීම, ත‍්‍රස්ත මර්දන පනත ජාත්‍යන්තර ප‍්‍රමිතියට සකස් නොකිරීම, පොලිස් අත්අඩංගුවේදී ඝාතන සිදුවීම, පාස්කු ප‍්‍රහාරයේ අවසාන වාර්තාව නිකුත් නොකිරීම, යුද අපරාධ චෝදනා එල්ල වූවන්ට එරෙහිව මෙතෙක් කටයුතු නොකිරීම යන බරපතළ චෝදනා පවතින බව වාර්තා වේ.

මේ අතර ශී‍්‍ර ලංකාවට එරෙහිව තෙවැනි ජිනිවා යෝජනාවක් ද ගෙන ඒමට බි‍්‍රතාන්‍ය ප‍්‍රමුඛ රටවල් පහක් තීරණය කර තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment