ජිනීවා යෝජනා මෙවර ගුණාත්මකව වෙනස් – පුබුදු ජයගොඩ

114

ජිනීවා සමුළුවේදී ශ්‍රී ලංකාව මෙවර ගත්තෙ ඉතිහාසයේ අවම ඡන්ද ප්‍රමාණය යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ පැවසීය.

යුද්ධය පැවැති කාලයේ දී පවා ශ්‍රී ලංකාවට ඡන්ද 11ක් 12ක් ලැබුණ අවස්ථා තිබුණ මුත් මෙවර ලබා ගත්තේ ඡන්ද හතක් පමණක් ඇයි ද ඔහු කීවේය.

ඔහු මෙසේ ද පැවසීය. ජිනීවා යෝජනාවලිය මෙවර ගුණාත්මකව වෙනස් වෙලා තිබෙනවා. මෙවර මූලිකත්වය දීලා තිබෙන්නේ කුඩා කල්ලියක් මේ රටේ සම්පූර්ණ ආර්ථිකය ම විනාශ කළ බව එක ගැන කියන්න. එම ආර්ථික අපරාධකරුවන්ට දඬුවම් නොදුන්නේ ඇයි කියන එක පිළිබඳව විමසන්න. ඒ වගේම ආර්ථික පීඩනයට මුහුණ දුන් ජනතාව එම ආර්ථික අපරාධවලට එරෙහිව නැගී සිටින විට එය මර්දනය කළ නින්දිත ආකාරය පිළිබඳව විමසන්න. එනිසා බොහෝ රටවල්වලට ශ්‍රී ලංකාවට පක්ෂව මෙවර ඡන්දය දෙන්න බැරි වුණා. යුද්ධයටත් වඩා කිසිම රටක් අනුමත කරන්නෑ මේ ආර්ථික අපරාධ සහ ම්ලේච්ඡත්වය.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment