ජිනීවා සමුළුවේ ශ‍්‍රී ලංකාව හිරවේ

1354

49 වැනි ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශී‍්‍ර ලංකා රජයට දැඩි අසීරුතාවනට මුහුණ දීමට සිදුවන බව ජිනීවා ආරංචි මාර්ග හෙළි කරයි.

මෙයට හේතු වී ඇත්තේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ඉල්ලීම් ඉටු කිරීමට රජය කි‍්‍රයා නො කිරීමයි.

මේ සම්බන්ධව මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ ශී‍්‍ර ලංකාවට දෝෂාරෝපණය කරමින් වාර්තාවක් ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ඊට අමතරව බි‍්‍රතාන්‍යය ඇතුළු රටවල් පහක් ද ශී‍්‍ර ලංකාව ගැන ප‍්‍රකාශයක් කිරීමට තීරණය කර ඇත.

මානව හිමිකම් සමුළුව පෙබරවාරි 28 වැනිදා ආරම්භ වී අපේ‍්‍රල් 1 දා අවසන් වේ.

ත‍්‍රස්ත මර්දන පනත අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් ඉටුකරන ලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශී‍්‍ර ලංකා රජයෙන් ඉල්ලා තිබිණි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment