ජිනීවා සමුළුව – ශ්‍රී ලංකාවට එරෙහි දේශපාලන සංවිධානයක්

288

රුසියාව – චීනය ඇතුළු  රටවල් 5ක් කෙලින්ම කියති

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට එරෙහිව දේශපාලන සංවිධානයක් ලෙස ක්‍රියාකරන බව රුසියාව, චීනය, ඉරානය, සිම්බාබ්වේ සහ නයිජිරියාව යන රටවල් මානව හිමිකම් සමුළුව අමතා ප්‍රකාශ කර ඇත.

මෙසේ ප්‍රකාශ කිරීමට හේතුවී ඇත්තේ ආරක්‍ෂක හමුදාව අඩු කිරීම, ආරක්‍ෂක වැය ශීර්ෂය කපා හැරීම, ආරක්‍ෂක ක්‍ෂේත්‍රය ප්‍රතිසංස්කරණය කිරීම යන කාරණාවලට සහ ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍ෂේත්‍රයට මානව හිමිකම් සමුළුව මැදිහත්වීමයි.

මානව හිමිකම් සමුළුවට මැන්ඩේට් බලයක් නැතත් බලය ඉක්මවා ශ්‍රී ලංකාවට නීතිරීති පැනවීමට ක්‍රියාකරන බව එම රටවල් තවදුරටත් චෝදනා කර ඇත.

බි්‍රතාන්‍යය, ඇමරිකාව, අයර්ලන්තය, මොන්ටිනීග්රෝ යන රටවල් මෙලෙස ශ්‍රී ලංකාවේ කටයුතුවලට ඍජුව මැදිහත් වී තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment