ජිප්සීස් නායක සුනිල් අභාවප්‍රාප්ත වේ

245

මෙරට සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන නාමයක් සටහන් කළ ප්‍රවීන ගායන ශිල්පී , ජිප්සීස් නායක සුනිල් පෙරේරා මහතා අද (06) අළුයම කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.

කොවිඞ් ආසාදිතව යම් තරමකට සුවය ලබා සිටි ඒ මහතා නැවතත් එම රෝග තත්ත්වය හේතුවෙන් මිය ගොස් තිබේ.

මීට සති කිහිපයක පෙර කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් සුනිල් පෙරේරා මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබී අතර ඉන් සුවය ලැබූ ඒ මහතා සිය නිවෙසට ද ගොස් තිබිණි.

එහෙත් අවාසනාවකට මීට දින කිහිපයකට පෙර ඒ මහතාට නැවතත් අසනීප වී තිබුණි. ඒ අනුවල නැවතත් ප්‍රතිකාර සඳහා ඔහුව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ අතර ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර හෙතෙම ජීවිතයෙන් සමුගෙන ඇත.

සුනිල් පෙරේරා මහතා 1952 වසරේදී උපත ලැබූ අතර පවුලේ සහෝදර සහෝදරියන් 10 දෙනෙකුගෙන් සමන්විත වූ අතර ඔහුගේ පියා විසින් ආරම්භ කළ සංගීත කණ්ඩායමට සිය දායකත්වය ලබාදෙමින් ඔහු සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණ විය.

කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයේ පෙර ගමන්කරුවෙක් බවට ජිප්සීස් කණ්ඩායම පත්කිරීමට ඔහු දැඩි කැපවීමෙන් කටයුතු කළ අතර ජිප්සීස් සංගීත කණ්ඩායම මෙරට ප‍්‍රමුඛතම සංගීත කණ්ඩායමක් බවට පත් කිරීමට ඔහු කි‍්‍රයා කළේ තමාටම ආවේණික වූ ශෛලයකින් කටහඬ මෙහෙයවමිනි.

බොහෝ ගීත රචනා කිරීමට ඔහු දායකත්වය ලබා දී තිබු අතර සමාජයේ සිදුවන විවිධ අකටයුතුකම් සහ වැරදි සිය ගීතයෙන් විවේචනය ට ලක් කෙළ්ය.

වෙළෙඳ දැන්වීම් කලාවද ආක‍්‍රමණය කිරීමට ඔහුටගේ හ`ඩ පෞර්ෂයට හැකිවූ අතර සුනිල් පෙරේරා මහතා පසු කලෙක දේශපාලන කටයුතු වෙනුවෙනු ද කි‍්‍රයාකාරී වනු දැක ගත හැකිවිණ.

advertistmentadvertistment
advertistmentadvertistment