ජිප්සීස් සුනිල්ට දැන් සුවයි.. මට ඉක්මන් සුවය පැතූ හැමෝටම ස්තුතියි!

305

කොවිඞ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් සති තුනකට වැඩි කාලයක් කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටි ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතා සුවය ලබා පෙරේදා (30 දා* මොරටුව නිවසට පැමිණියේය. කොවිඞ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් බරපතළ ලෙස රෝගාතුර වූ සුනිල් පෙරේරා මහතා මේ වන විට ඉතාමත් හොඳ සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බව ඔහුගේ සොයුරු ගායන ශිල්පී පියල් පෙරේරා මහතා පැවැසීය.

කෙසේ වෙතත් ඔහු තවදුරටත් වෛද්‍ය උපදෙස් මත විවේක ගනිමින් සිටින බවත් තව සති දෙකක කාලයකින් පසු තම සොහොයුරා සම්පූර්ණයෙන්ම ප‍්‍රකෘති තත්ත්වයට පත්වනු ඇති බවත් ඔහු විශ්වාසය පළ කළේය. එසේම තම සොයුරු රෝගාතුර වූ මොහොතේ සිට ඉක්මන් සුවය ප‍්‍රාර්ථනා කළ සියලූ දෙනාටම ස්තුතිය පුද කරන බවත් හෙතෙම කීය. 68 හැවිරිදි වියේ පසුවන ජිප්සීස් නායක සුනිල් පෙරේරා මහතා කොවිඞ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගත කෙරුණේ  අගෝස්තු 10 වැනිදාය.

මීට අමතරව අදහස් දැක්වූ සුනිල් පෙරේරා මහතා,

‘මට ඉක්මන් සුවය පැතූ සහෝදර කලා ශිල්පීන් ඇතුළු හැම දෙනාටම බොහොම ස්තුතියි. මේ කොවිඞ් රෝගය ලංකාවෙන් විතරක් නොවෙයි මුළු ලෝකයෙන්ම තුරන්වේවා. ඒ වගේම දැනට රෝගාතුරවෙලා ඉන්න සියලූම දෙනාට ඉක්මන් සුවය ප‍්‍රාර්ථනා කරනවා

මින්ද සිල්වා සහ ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment