ජීවත් වීමට මගක් නැති ආබාධිතයා ගෙළ වැලලාගෙන මරුට

359

හුංගම පොලිස් වසමට අයත් මහදෙනිය ප‍්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු පියෙක්, ආර්ථික අගහිඟකම් වලින් දරුණු ලෙස පීඩාවට පත්ව සිටියදී කාගේවත් පිළිසරණක් නොලැබීම නිසා ඉකුත් 29 වන දින දහවල් ගෙල වැළලාගෙන මිය ගිය බවට කනගාටුදායක පුවතක් වාර්තාවේ.

වකුගඩු රෝගයෙන් පෙළෙන ඔහුගේ කකුලක ඇතිවූ තුවාලයක් හේතුවෙන්, මීට සතියකට පෙර හම්බන්තොට මහ රෝහලේදී වම් කකුල කපා ඉවත් කර තිබේ. ඔහුගේ දරුවන් දෙදෙනාම මේ වනවිට විවාහ වී පවුලෙන් වෙන්ව සිටියත්, එම පවුල්වල ඇති අගහිඟකම් සහ තම පවුලේ පවතින ආර්ථික අගහිඟකම්වලින් ද දැඩි ලෙස පීඩාවට පත්ව සිටියදී කිසිවකුත් මෙම පිරිසට ආධාර නොකිරීම නිසා ආධාරයක් ලබාදෙන ලෙස ප‍්‍රාදේශීය ලේකම්වරයාගෙන් කළ ඉල්ලීමකට අනුව ඒ පිළිබඳව කරන ලද පරීක්‍ෂණයකට බිරිඳ සහ දියණිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් සිටියදී ගෙදර තනිව සිටි ආබාධිත පුද්ගලයා රෝද පුටුවෙන් ඇවිද ගොස් ඔහුගේ ඇඳට දමා සිටි ඇඳ රෙද්දෙන් ගෙල වැළලාගෙන මියගොස් තිබෙන බව වාර්තාවේ.

මේ පිළිබඳව පශ්චාත් මරණ පරීක්‍ෂණය හම්බන්තොට මහ රෝහලේදී සිදුකරන ලද අතර එම මරණය ගෙල වැළලාගෙන මියගොස් තිබෙන බවට අනාවරණය වී තිබේ.

මියගිය අයගේ අවසන් කටයුතු ලබන 31 වන දින සිදුකිරීමට නියමිතය.

හම්බන්තොට – නන්ද වික‍්‍රමගේ

advertistmentadvertistment
advertistmentadvertistment