ජීවත් වෙන්න විදිහක් නැතැයි බටලීයේ කජු ලියෝත් විරෝධතාවේ

170

කජු තොග මිල ඉහළ යාම නිසා තම ජීවන වෘත්තිය සිදුකරගෙන යාමට අපහසු බව පවසමින් බටලීයේ කජු ලියන් පිරිසක් ඊයේ (01) බටලීය කජු පුරයේදී නිහඩ විරෝධතාවක යෙදිණ.

”‍කජු ලියන් කබලෙන් ලිපට, පාලකයින් මර නින්දේ, කජු සංස්ථාව මර නින්දේ, ලෝක පූජිත කජු ලියන්ට අපා දුක, සුලූ‍ අපනයනය ඇමතිතුමනි අපිට කන් දෙන්න ආදී වැකි සහිත විරෝධතා පුවරු රැුගෙන කජු ලියන් විරෝධතාවයේ යෙදින.

බටලීය කජු පුරයේ පවුල් සීයක් පමණ තම ජීවනෝපාය සලසා ගන්නේ කජු ව්‍යාපාරයෙන් බවත් අද වන විට මහා පරිමාණ කජු ව්‍යාපාරිකයින් වැඩි මිලට කජු මිලදී ගැනීම නිසා කජු මිල කිලෝ එකක් රුපියල් 4000 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඒ නිසා සුළු පරිමාණ ව්‍යාපාර සිදු කරන බටලීයේ කජු ලියන් ඉතා අසරණ තත්ත්වයකට පත්ව ඇති බවත් බටලීය එක්සත් කජු ලියන්ගේ සංගමයේ සභාපතිනි නාලිකා අත්තනායක මහත්මිය පැවසුවාය.

කජු සංස්ථාව හා විෂය භාර අමාත්‍යවරයා මේ ගැන අවධානය යොමු කර කජු සඳහා පාලන මිලක් ඇති කර සුළු පරිමාණ කජු ව්‍යාපාරිකයන් රැුක දෙන ලෙසට තමන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව.ද සභාපතිවරිය පැවසුවාය.

කල්එළිය චන්ද්‍රවීර වික‍්‍රමරත්න
 

advertistmentadvertistment
advertistmentadvertistment