ජීවත් වෙන කෙටි කාලය තුළ අප යුක්තිගරුකව ජීවත් වෙමු

83

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා

තම හෘද සාක්ෂියට අනූව ජීවත් වීමේ වැදගත්කම ක්‍රිස්තුස් වහන්සේ අපට පෙන්වාදුන් බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමා ප්‍රකාශ කළේය.

මේ අනූව යුක්ති ගරුකව සාධාරණව අප ජීවත් විය යුතුව බවද, ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකයට පැමිණියේ අප ජීවිත ආලෝකමත් කිරීමට යැයි ද කාදිනල්තුමා සඳහන් කළේය.

කාදිනල්තුමා එසේ ප්‍රකාශ කළේ කොළඹ අලුත්කඩේ සුබ මරණයේ දේවමතා වහන්සේගේ දෙව්මැඳුරේ 175 වැනි ජයන්ති මංගල්‍ය දිව්‍ය පූජාවේ විශේෂ දේශනයේදීය.

කාදිනල්තුමා මෙසේ ද කීවේය. අප මේ ලෝකයට වැඩි කාලයක් ජීවත් වීමට පැමිණ නැහැ. වැඩිම වුණොත් වසර සියයක් විය හැකියි.

2050 වනවිට වර්තමානයේ ජීවත්වන අප කිසිවෙක් මේ ලෝකයේ නැහැ. අප ජීවත්වෙන සුළු කාලය තුළදී ඉතා පරාර්ථකාමයෙන් යුතුව ජීවත් විය යුතුයි.

අද සමාජයේ බොහෝ දෙනෙක් සිතන්නේ තමන් ගැනය. ක්‍රිස්තුස්වහන්සේ තම ජීවිතය තුළින් ආදර්ශය අපට පෙන්වා දුන්නේය. කුරුසියේ මරණය තුළින් එහි උපරිමය අපට පෙන්වා දුන්නේය. මෙම දේව මෙහෙයේ අවසානයෙන් පසු සුබ මරණයේ දේවමාතා වහන්සේගේ ප්‍රතිමාව විථි සංචාරය කිරීමෙන් පසු එම ප්‍රතිමාවෙන් ආසිරි ගැන්වීය.
ජූඩ් හෙට්ටිආරච්චි දුම්ගාල්පිටිය

advertistmentadvertistment
advertistmentadvertistment