ජීවන්ත පියතුමා – ස්ටාලින් – නාගමුව- දමිතා ඇතුළු 45කට පොලිසියට ප්‍රකාශ දෙන්නැයි නියෝග

149

පසුගිය ජුලි 9 වැනිදා හෝ ඊට ආසන්න දිනවල දී ජනපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවී අනර්ථ සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ පරවා ඇති නඩුවේ සැකකරුවන් වන ජෝශප් ස්ටාලින්, දුමින්ද නාගමුව, දමිතා අබේරත්න, ජීවන්ත පීරිස් පියතුමා හා කොස්වත්තේ මහනාම හිමියන් ඇතුළු සැකකරුවන් 45 දෙනකුට වහාම මෝදර පොලිස් ස්ථානයේ ස්ථාපිත කර ඇති කොළඹ උතුරු කොට්ඨාස අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිට ප්‍රකාශ ලබාදෙන ලෙසට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (30දා) නියෝග කළේය. ඊයේ (30දා) දිනය ඇතුළත එම ප්‍රකාශ ලබාදිය යුතු බවට ද මහෙස්ත්‍රාත්වරයා එහිදී වැඩිදුරටත් නියෝග කළේය.

පොලිසිය සැමවිටම සාධාරණව කටයුතු කළ යුතු බවත් සැකකරුවන් පීඩාවට පත්කරනා අරමුණින් පොලිසිය අධීකරණයෙන් ඉල්ලීම් නොකළ යුතු බවත් පෙන්වාදෙමින් මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය. පොලිසිය හෝ ඕනෑම විමර්ශන අංශයක් විසින් තම අධිකරණයෙන් කරනා සාධාරණ ඉල්ලීම් ඉටුකර විමර්ශන සඳහා සහය ලබාදීමට තම අධිකරණය සැමවිටම සුදානම් බව ද මහෙස්ත්‍රාත්වරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය. එම සැකකරුවෝ ඊයේ (30දා) විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment