ජීවන බර උහුලනු බෑ හොරොව්පොතානේ උද්ඝෝෂණ – ‘හැටපහට තිබුණ පරිප්පු දැන් දෙසීය අසූවයි’

150

භාණ්ඩ මිල ඉහළ යෑම හේතුවෙන් ජීවන බර උහුලා ගැනීමට නොහැකිව මේ වනවිට තමන් දැඩි පීඩාවට පත්ව සිටින බවත්, ජනතාවගේ ප‍්‍රශ්නවලට විසඳුම් ලබා නොදී, ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව පවසමින්, පිරිසක් ඊයේ (15 දා) දහවල් හොරොව්පොතාන නගරයේදී උද්ඝෝෂණයක නිරත වූහ.

පොහොර නොමැතිව මෙවර ගොවිතැන අතහැර දමා ඇති බවත්, බලාපොරොත්තු වූ කිසිදු සහනයක් මෙවර අයවැයෙන් ජනතාවට ලැබී නැතැයි උද්ඝෝෂකයෝ මෙහිදී පැවැසූහ.

‘අනේ අපේ දරුවන්ට රට ඉතිරි කරන්න, හැටපහට තිබුණ පරිප්පු දැන් දෙසීය අසූවයි, චිත‍්‍ර අඳින්න බෑ තීන්ත ගණන්, ලනු කෑවද? දැන් සැපද, හිරේ ගියොත් සභාපති, කඬේ ගියොත් කුලපති’ ආදී විරෝධතා පුවරු ප‍්‍රදර්ශනය කරමින් ඔවුහු උද්ඝෝෂණයේ නිරත වූහ.

ගෑස්, සිමෙන්ති, හාල් සහ සීනි, ඇතුළු භාණ්ඩ රැුසක් වෙළඳපොළේ දැඩි හිඟයක් පවතින බවත්, මෙවාට විසඳුම් ලබා නොදී, ආණ්ඩුව තමන්ට අවශ්‍ය දේ පමණක් සිදු කරමින් මහජනතාව දැඩි ලෙස අපහසුතාවට පත් කරන බව ඔවුහු පැවසූහ.

එක්සත් ජාතික පක්ෂයේ හොරොව්පොතාන ආසන සංවිධායක ඬේරියන්ස් ද සාකෝ මහතා ඇතුළු පිරිසක් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණ අතර ඒ සඳහා විශාල පිරිසක් එක්ව සිටියහ.

මිහින්තලේ – රංග චතූ
 

advertistmentadvertistment
advertistmentadvertistment