ජීවන බර ජනතාවගේ හිස මත ආණ්ඩුවේ වගකීම කුමක්ද?

150

උද්ධමනය හේතුවෙන් ජනතාව වැඩි වැඩියෙන් දුක් විඳීමට දායක වන නමුත් රජයේ ප්‍රතිචාරය ප්‍රමාණවත් නොවේ. ආදායමේ වැඩි වීමක් නැති අතර ආහාරවල මිල අඛණ්ඩව ඉහළ යයි. එහි ප්‍රතිඵලය වන්නේ දුප්පත් ජනතාව විශාල පිරිසක් බරපතළ අර්බුදයකට මුහුණ දීමයි. මගේ දැනුමට අනුව පවුල් විශාල සංඛ්‍යාවකට ඇත්තේ දිනකට එක වේලක් පමණි.

ඔවුන්ගෙන් සමහරක් දරුවන්ට ආහාර වේල් දෙකක් ලබාදීමට අපහසුය. කුසගින්න නිසා පාසලේදී ක්ලාන්ත වන දරුවන්ගේ කතා පුළුල්ව පැතිර පවතී. පාසල් පැමිණීම අඩු වී දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වී ඇති බවට ද වාර්තා වේ. පහළ මධ්‍යම පාන්තික පවුල් අතර පවා අහිතකර බලපෑමක් ඇති වී තිබේ. වෛi පර්යේෂණ ආයතනය (MRI) සහ වෙනත් එවැනි ආයතනවලින් ලැබෙන වාර්තාවලින් පෙනී යන්නේ පරිභෝජනය කරන ආහාරවල පෝෂණගුණය ද පිරිහී ඇති බවයි. 60% කට වැඩි පවුල්වල ආදායම දරිද්‍රතා රේඛාවට පහළින් සිටින බව MRI පවසයි. ඔවුන් අතර මන්දපෝෂණ මට්ටම 20%ට ආසන්න වන බව වත්මන් දත්ත පෙන්වා දෙයි. මෙයින් අදහස් කරන්නේ වයස අවුරුදු 5ට අඩු ළමුන් අතර සෑම 5දෙනෙකුගෙන් එක් අයෙකු මන්දපෝෂණයෙන් පෙළෙන බවයි. ඔවුන්ගේ ශාරීරික වර්ධනයට පමණක් නොව ඔවුන්ගේ මානසික වර්ධනයට ද බලපායි. මෙය අනාගත පරපුරට අහිතකර ලෙස බලපානු ඇත.

මේ ආහාර අර්බුදය හමුවේ රජයට ප්‍රමුඛත්වය දෙන අංශ අපි පෙන්වා දී ඇත්තේමු. මෙම ගැටලුව විසඳීම, මීට වසරකට පමණ පෙර මම මේ තත්ත්වය හිටපු අගමැතිතුමාට ද කීවෙමි. එහිලා මේ වන තෙක් කිසිදු ධනාත්මක ප්‍රතිචාරයක් ඇති බවක් පෙනෙන්නට නැත. රජය අවදානමට ලක්ව ඇති පවුල් හඳුනාගත යුතුය. වින්නඹු මාතාවන් හරහා මෙය පහසුවෙන් කළ හැකිය සහ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් (PHI) අවදානමට ලක්ව සිටින පවුල් සඳහා ලබාදිය යුතු වියළි සලාක අවම වශයෙන් සතියකට වරක්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පීඩාවට පත් වූවන් වෙත ලබාදෙන බව සහතික කිරීම වහා කළ යුතුය.

පෝෂණවේදීන්ගේ පෝෂණ දෘෂ්ටි කෝණයෙන් ආහාරවල ගුණාත්මකභාවය ප්‍රමාණවත් නොවන බව ප්‍රකාශ වී තිබේ. එම තත්ත්වය තුළ අඛණ්ඩව ඉහළ යන ආහාර මිල (ආහාර උද්ධමනය) සඳහා හදිසි ප්‍රතිචාර ක්‍රමවේදයක් සැකසිය යුතුය.

පාන් ගෙඩියක මිල නොවෙනස්ව පවතින බව දැකීම කනගාටුවට කරුණකි. කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ මතුව ඇති ගැටලු රැසක ප්‍රතිඵලයක් ලෙස රසායනික පොහොර හිඟය මෙන්ම ආහාර නිෂ්පාදනය ද සහල් සහ එළවළු යන දෙකම අඩු වී ඇත. මාධ්‍යවල පළවන වාර්තා අනුව ආහාර හිඟයක් පවතින අතර මේ පිළිබඳව සොයා බලා නිවැරදි කළ යුතුයි. මුදල් නොමැතිකම හේතුවෙන් වී අලෙවි මණ්ඩලය (PMB) වී මිලදී ගැනීම කපා හැර තිබේ. මේ තත්ත්වයව තුළ ප්‍රධාන පෞද්ගලික මෝල් හිමියන් පස්දෙනා අඩු මිලට වී මිලදී ගැනීම නිසා ගොවීන් පීඩාවට පත්වන බවට තොරතුරු ලැබී තිබේ. මේ වී ගබඩා කරන්නේ වී සහ සහල් දෙකේම වෙළෙඳපොළ මිල ඉහළ නැංවීම සඳහා බව පෙනී යයි. රජයේ සහල් මෝල් ද සම්පූර්ණයෙන් ක්‍රියාත්මක නොවන බව මට දන්වා ඇත. මෙම තත්ත්වය තවදුරටත් පැවැතීමට ඉඩ නොතැබිය යුතුය. රජයේ තොග වෙළෙඳ පොළට නිකුත් කර මිල අඩු කර ගැනීමට හැකිවන ලෙස කටයුතු කරන ලෙස මා අදාළ ඇමැතිවරුන්ගෙන් සහ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. හදිසි රජයේ ක්‍රියාමාර්ග මගින් ආහාර අංශයේ ලාභ ලැබීම වැළැක්විය යුතුය.

විශේෂයෙන් අත්‍යවශ්‍ය ඖෂධවල හිඟය සහ ඉහළ මිල ගණන් සැලකිල්ලට ගත යුතු තවත් අංශයකි. රජයේ රෝහල්වල උග්‍ර හිඟයක් පවතින අතර අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු ඖෂධ වර්ග 90 ක් පමණ නොමැති බවට වෛiවරුන් ප්‍රකාශ කර තිබේ. මෙය ඉතා බරපතළ තත්ත්වයක් වන අතර එය රෝගාබාධ වැඩිවීමට සහ මරණ පවා වැඩිකිරීමට හේතු විය හැක. මේ තත්ත්වය තවදුරටත් ඇති නොවීමටත් සාමාන්‍ය තත්ත්වය ඇති කිරීමටත් රජය කඩිනම් පියවර ගත යුතුය. ඉන්දියාව, චීනය, ජපානය වැනි රටවලින් දේශීය හා විදේශීය මූලාශ්‍රවලින් ඖෂධ පරිත්‍යාග ලබා ගැනීමට සිදුවීම කනගාටුවට කරුණකි. අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ප්‍රමාණවත් මුදල් රජයෙන් ලබාදිය යුතුය. අත්‍යවශ්‍ය ඖෂධ විශාල ප්‍රමාණයක හිඟයක් රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද පවතින බවත් ඒ පිළිබඳව කඩිනම් අවධානයක් යොමුකළ යුතු බවත් මට දන්වා ඇත.

රජයේ බදු ප්‍රතිපත්තිය ද කනස්සලට හේතුවකි. දුප්පතුන්ට බලපාන වක්‍ර බදු ඉහළ නංවන අතරම, ඍජු බදු සීමාකර අසාධාරණ ලෙස සිදුකෙරේ. ධනවතුන්ට සහ සුපිරි ධනවතුන්ට එතරම් බලපෑමක් එල්ල නොවන අතර මධ්‍යම පන්තිය ඉලක්ක කර ඇත. ආණ්ඩුව පොහොසතුන්ට බදු නිවාඩු සහ නිදහස් කිරීම් ලබාදෙන ආකාරය දැකීමෙන් කලබල වේ. රටේ සංවර්ධනයට සහ ජන ජීවිතයට අහිතකර ලෙස බලපාන රාජ්‍ය ආදායම පහත වැටී ප්‍රාග්ධන වියදම් මෙන්ම පුනරාවර්තන වියදම් ද සීමා කිරීමට සිදුවීම පුදුමයක් නොවේ. 1972/73 ශ්‍රී ලංකාව එහි දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණ දුන්විට එවකට මුදල් අමාත්‍යවරයාව සිටි ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ප්‍රධාන බදු බර ධනවතුන් මත පැටවූ අතර ඉහළ සීමාව 70% ක් දක්වා වැඩි කළේය. අද පවතින සංදර්භය තුළ ද රජය කළ යුත්තේ ගෙවිය හැකි අය මත ප්‍රධාන බදු බර පටවා එවැනිම ක්‍රියාමාර්ගයකි.

ප්‍රවාහන විදයම් ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. මෙය ඍජුව ම මගීන්ට බලපාන නමුත් එය භාණ්ඩ මිලට ද බලපායි. අත්‍යවශ්‍ය විදේශීය අවශ්‍යතා මිලදී ගැනීමට නොහැකිවීම හේතුවෙන් ඩොලර් හිඟය කර්මාන්තවලට ද බලපාන අතර බොහෝ පෞද්ගලික සහ රාජ්‍ය ව්‍යවසායන්ට නිෂ්පාදනය සීමා කිරීමට සිදුවී ඇත. මෙය අනෙක් අතට විරැකියාව වැඩි කිරීමට හේතු වේ. උද්ධමනය සහ ඉහළ මිල ගණන් නිසා දැඩි ලෙස පීඩාවට පත් ජනගහනයෙන් විශාල කොටසකගේ ආදායම් අඩුවීමත් සමග සමස්තයක් ලෙස ආර්ථිකය හැකිළෙමින් පවතී.

දුක් විඳින ජනතාව විවෘතව විරෝධය පෑමට සිදුවන තත්ත්වයට පත්වෙමින් තිබේ. රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ශක්තිමත් කරමින් සිටිනු දැකීම කනගාටුවට කරුණකි. එය සාධාරණ සාමකාමී විරෝධතාවලට බාධා පමුණුවයි. අපි ෆැසිස්ට් පාලනයකට යනවාද? කිසිම තත්ත්වයක් යටතේ මෙයට අවසර නොදිය යුතුය. සිදුවිය හැකි අන්තරායන් පිළිබඳව මහජනතාවට අනතුරු අඟවන අතරම වෘත්තීය සමිති වඩාත් ක්‍රියාශීලී වී කම්කරුවන්ට හා මධ්‍යම පන්තියට අනතුරු අඟවා ජනතාව මර්දනය කිරීමට සහ ඔවුන් සිතන බරට යටත් වීමට බලකරන ඕනෑම පියවරකට එරෙහි වීමට ඔවුන් සූදානම් කිරීම අත්‍යවශ්‍ය වේ.

ජීවන බර ජනතාවගේ හිස මත ආණ්ඩුවේ වගකීම කුමක්ද?

මහාචාර්ය තිස්ස විතාරණ
පාර්ලිමේන්තු මන්ත්‍රී ලංකා සමසමාජ පක්‍ෂයේ ප්‍රධාන ලේකම්

advertistmentadvertistment
advertistmentadvertistment