ජීවිතයක් අහිමි කළ ඉඩම් ආරවුලක්… අඹන්පොල ඝාතනයේ සත්‍ය කතාව

1448

ස්ටේෂන් මාස්ටර්ගේ කොන්ත‍්‍රාත්තුවක්: මැරයෝ ආවේ හික්කඩුවෙන්

ඒ පසුගිය ඔක්තෝබර් 04 වැනිදා උදෑසනය. අඹන්පොල පොලිසිය බෙහෙවින් කාර්යබහුල වී තිබුණේය. ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක සමන් පෙරේරාගේ කාර්යාලීය දුරකථනය වෙත ඇමතුමක් ලැබුණේය.

‘‘සර්… සර්…. අපේ ග‍්‍රාමසේවක මහත්තයව වෑන් එකකින් යටකරලා පැනලා ගියා. ග‍්‍රාමසේවක මහත්තයාට හොඳටම අමාරුයි. අපි එයාව ඉස්පිරිතාලෙ අරගෙන යනවා….’’

නාඳුනන පුද්ගලයකු ලබාදුන් ඇමතුමෙන් සමන් පෙරේරා මහතා කලබල වුණේය. තොරතුරු ලබාදුන් ආකාරයට ඒ අනතුරේ කිසියම් අභිරහසක් ගැබ් වී ඇති බව ස්ථානාධිපතිවරයා ඉවෙන් මෙන් තේරුම් ගත්තේය. මේ පිළිබඳ විමර්ශනයට සාමාන්‍ය නිලධාරීන් කණ්ඩායමක් යවනවා වෙනුවට අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා පිටත්කර යැවීමට සමන් පෙරේරා මහතා කටයුතු කළේය.

‘‘වෑන් එකක ආව කට්ටියක් ග‍්‍රාමසේවක මහත්තයව යටකරලා ගිහින් තියෙන්නේ. මෙතන සමහරවිට ප‍්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඒ නිසා සැක හිතෙන හැම දෙයක්ම චෙක් කරන්න….’’

ස්ථානාධිපති සමන් පෙරේරා අපරාධ අංශය භාර ප‍්‍රධානියා වූ පොලිස් පරීක්‍ෂක ජයරත්නට උපදෙස් දුන්නේය. අනතුර සිදුවී තිබුණේ අනුරාධපුර පාදෙණිය මාර්ගයේ අඹන්පොල උඩංගාව ප‍්‍රදේශයේ ය. පොලිස් පරීක්‍ෂක ජයරත්න ඇතුළු නිලධාරීහු පිරිස අනතුර සිදු වූ ස්ථානය වෙත ගොස් සිය විමර්ශන කටයුතු ආරම්භ කළහ.

‘‘සර් අපේ ග‍්‍රාමසේවක මහත්තයව හැප්පුවේ මෙන්න මෙතනදි. අළුපාට වෑන් එකකින් එයාව යටකරලා ගියේ. මේ තියෙන්නේ වාහනේ අංකය.’’

අනතුර සිදු වු ස්ථානයේ සිටි පුද්ගලයකු වෑන් රථයේ අංකය පොලිස් පරීක්‍ෂක ජයරත්න වෙත ලබා දෙමින් කීවේය. අනතුර සිදු වූ ස්ථානය පරීක්‍ෂා කළ නිලධාරීන් අඹන්පොල රෝහල වෙත යන්නේ තුවාලකරුගේ තත්ත්වය පරීක්‍ෂාකර ගැනීමටය.

‘‘සර්…. ග‍්‍රාමසේවක මහත්තයා මැරුණා. ඩොක්ටර් කිව්වා මේක වාහන ඇක්සිඩන්ට් එකක් වුණාට ග‍්‍රාමසේවක මහත්තයගෙ ඇඟපුරා තියෙන්නේ පිහි ඇනුම් තුවාල කියලා.’’ රෝහල් බලධාරියකුගෙන් ලැබුණු තොරතුරින් පොලිස් පරීක්‍ෂක ජයරත්න අන්දමන්ද වුණේය. ඔහු වහාම ඒ පිළිබඳව අඹන්පොල පොලිස් ස්ථානාධිපති සමන් පෙරේරා දැනුවත් කළේය. ‘‘ඔය සිද්ධිය වෙච්ච තැන සී.සී.ටී.වී. බලන්න. වෑන් එකේ අංකය ආර්.එම්.වී. එකට යවලා චෙක් කරන්න.’’

සමන් පෙරේරා සිය නිලධාරීන්ට උපදෙස් දුන්නේය. පොලිස් කණ්ඩායම ඒ මොහොතේ ම අපරාධය සිදු වූ ස්ථානය වෙත පැමිණ ඒ අවට වෙළෙඳසල් නිවාසවල සවිකර තිබූ සී.සී.ටී.වී. දර්ශන පරීක්‍ෂා කළහ. එක් සී.සී.ටී.වී. කැමරාවක අපරාධය සිදුවන ආකාරය ඉතාම පැහැදිලිව පටිගත වී තිබුණේ විමර්ශන පොලිස් කණ්ඩායමට සිය කාර්යය කරගෙන යෑමට අවශ්‍ය බොහෝ සාෂි ලබාදෙමින් ය. ග‍්‍රාම නිලධාරිවරයා යතුරුපැදියෙන් පැමිණෙද්දී ඔහු ලූහුබැඳ පැමිණි වෑන් රථය එය හප්පා අනතුරට ලක්කරයි. ඒ සැණින් වෑන් රථයෙන් බැසගත් නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් තියුණු ආයුධවලින් ග‍්‍රාම නිලධාරියාට පහරදී කපා කොටා තුවාලකර වෑන් රථයේ නැඟී පලා යන අයුරු සී.සී.ටී.වී. කැමරාවේ පටිගත වී තිබුණේය.

පලායන වෑන් රථය පිටුපසින් ධාවනය වූ රතු පැහැති මෝටර් රථයක් පිළිබඳව ද පොලිස් පරීක්‍ෂක ජයරත්නගේ අවධානය යොමු වී තිබුණේය. එම රථයේ අංකය ද ලබාගන්නට පොලිස් නිලධාරියා කටයුතු කළේය.

‘‘සර්…. මේක මිනීමැරුමක්. හැම දෙයක්ම සී.සී.ටී.වී. එකේ තියෙනවා. පොලිස් පරීක්‍ෂක ජයරත්න අඹන්පොල ස්ථානාධිපති සමන් පෙරේරා දැනුවත් කළේය.

‘පොලිස් නිලධාරීන් මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුව වෙත කතා කර වෑන් රථයේ හිමිකරු පිළිබඳ තොරතුරු ලබා ගත්තේය. වෑන් රථයේ හිමිකරු වූයේ ගල්ගමුව ප‍්‍රදේශයේ පුද්ගලයෙකි.

‘‘සර්…. ඕක මගේ වෑන් එක තමයි. හැබැයි මං ඒක රෙන්ටර්කා සෙන්ටර් එකකට දීලා තියෙන්නේ.‘‘

වෑන් රථයේ හිමිකරුගෙන් ලබාගත් තොරතුරු මත පොලිස් නිලධාරීන් වාහන කුලී පදනම මත ලබාදෙන ආයතනය වෙත ගොස් එහි හිමිකරුගෙන් ප‍්‍රශ්න කළහ.

‘‘සර් ඔය වෑන් එක දැන් දවස් දෙකකට විතර ඉස්සර අරන් ගියේ අඹන්පොල ස්ටේෂන් එකේ වැඩ කරන මහත්තයෙක්.’’

වාහන කුලී පදනම මත ලබාදෙන ආයතන හිමිකරුගෙන් ලබාගත් තොරතුරු මත පොලිස් පරීක්‍ෂක ජයරත්න ඇතුළු නිලධාරීහු අඹන්පොල දුම්රිය ස්ථානය වෙත ගියහ. විමර්ශනයේ ප‍්‍රගතිය පිළිබඳව අඹන්පොල පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කර අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට පොලිස් පරීක්‍ෂක ජයරත්න නිරතුරුවම කටයුතු කළේය.

‘‘වෑන් එක රෙන්ට් එකට අරන් තියෙන්නේ ස්ටේෂන් මාස්ටර් නම් එයාව ක්වෙක්ෂන් කරන්න ගන්න. එයාගෙන් මේ මිනීමැරුම ගැන අපට හෝඩුවාවක් දැනගන්න පුළුවන් වෙයි.’’ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක සමන් පෙරේරාගේ උපදෙස් මත ගල්ගමුව දුම්රිය ස්ථානයේ නියෝජ්‍ය ස්ථානාධිපති නිලාන් පොලිස් නිලධාරින් විසින් සිය භාරයට ගත්හ.

‘‘සර්… මං මිනීමැරුමක් ගැන දන්නෙ නැහැ. මගේ යාළුවෙකුට ඔය වෑන් එක අරන් දුන්නා.’’

පොලිස් නිලධාරීන්ගේ ප‍්‍රශ්න කිරීම් හමුවේ කලබලයට පත් වු නිලාන් ගොත ගසමින් කීවේය. නිලාන්ගේ ගත දහදියෙන් නැහැවී යන්නට වැඩි වේලාවක් ගත වුණේ නැත. ඔහුගේ හැසිරීම ගැනත් ලබාදුන් තොරතුරු පිළිබඳවත් සැකයට බඳුන් වී තිබුණේය. පොලිස් නිලධාරීන් ගල්ගමුව දුම්රිය ස්ථානයේ නියෝජ්‍ය ස්ථානාධිපති නිලාන් අත්අඩංගුවට ගන්නේ ඉන් පසුවය. කපිල ප‍්‍රියන්ත සපුකුමාර 54 හැවිරිදිය. අඹන්පොල දකුණ ග‍්‍රාම නිලධාරියා ලෙස ඔහු කටයුතු කරමින් සිටින්නේ කලක සිටය. සපුකුමාර සිය වසමේ පමණක් නොව අඹන්පොල ප‍්‍රදේශයේම ජනප‍්‍රිය චරිතයකි. පාරම්පරික වී වගාව මෙන්ම ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමේ කටයුතු සාර්ථකව කරගෙන යෑම නිසා සපුකුමාර කා අතරත් ජනප‍්‍රිය පුද්ගලයකු විය. අඹන්පොල ග‍්‍රාම නිලධාරි සපුකුමාර අභිරහස් ලෙස ඝාතනය කිරීමේ සිද්ධියෙන් මුළු පළාතේම ජනතාව කම්පනයට පත්ව සිටියහ. ඒ වන විට පොලිස් නිලධාරීන් ඉතාම සාර්ථක අන්දමට සිය විමර්ශන කටයුතු ක‍්‍රියාත්මක කරමින් සිටියේය. අඹන්පොල ග‍්‍රාම නිලධාරි සපුකුමාර ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නියෝජ්‍ය දුම්රිය ස්ථානාධිපති නිලාන්ගෙන් ප‍්‍රශ්න කිරීම් ඇරඹෙන්නේ ඉන් පසුවය. ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක සමන් පෙරේරා මෙන්ම අපරාධ අංශයේ ස්ථානාධිපති ජයරත්නගේ ප‍්‍රශ්න කිරීම් හමුවේ තවදුරටත් නිරුත්තරව සිටීමට නිලාන්ට හැකිවුණේ නැත.

‘‘සර්…. ඔය සපුකුමාර කියන ග‍්‍රාමසේවකත් එක්ක මට ප‍්‍රශ්නයක් තිබුණා. මිනිහා දිගින් දිගටම මට ජරාවැඩ කළා.’’ අඹන්පොල ග‍්‍රාම නිලධාරි සපුකුමාර අභිරහස් ලෙස ඝාතනය කිරීමේ සිද්ධියේ සුලමුල හෙළිවන්නට පටන් ගත්තේ එතැන් සිටය. ගල්ගමුව දුම්රිය ස්ථානයේ නියෝජ්‍ය ස්ථානාධිපති නිලාන්ට අයත් අක්කර දෙකක ඉඩමක් අඹන්පොල ප‍්‍රදේශයේ පිහිටා තිබුණේය. මේ ඉඩම නිලාන්ගේ බිරිඳට අයත් එකකි. ඉඩම බලාකියා ගත්තේ වගා කටයුතු කළේ බිරිඳගේ පියා විසින් ය. මේ ඉඩමේ පර්චස් පහක පමණ භූමි කොටසක අඹුසැමි යුවළක් පදිංචිව සිටියහ. අඹුසැමි යුවළ සහ නිලාන් අතර කාලයක පටන් මේ ඉඩම සම්බන්ධයෙන් ආරවුලක් පැවතුණේය. මේ ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරියා වූයේ සපුකුමාරය. ඉඩම් ආරවුල සම්බන්ධයෙන් අවස්ථා කීපයකදීම නිලාන් ග‍්‍රාම නිලධාරියා වෙත පැමිණිලි කර තිබුණේය. නිලාන්ට අයත් ඉඩමේ කොටසක පදිංචිව සිටින තරුණ අඹුසැමි යුවළ සමඟ සපුකුමාර විශේෂ ඇයිහොඳයියක් පවත්වාගෙන ගියේය.

නිලාන් ඉදිරිපත් කළ පැමිණිලි සියල්ල නිකම්ම නිකන් පැමිණිලිවලට පමණක් සීමා වුණේ සපුකුමාර විත්තිකාර පාර්ශ්වයේ අඹුසැමි යුවළ අතර පැවැති ඇයිහොඳැයිය නිසාය. ග‍්‍රාම නිලධාරි සපුකුමාර හමුවේ විභාග වු මේ ඉඩම් ආරවුල සෑම දිනම නිමාවට පත්වුණේ ඉඩමේ පදිංචිව සිටින අඹුසැමි යුවළට වාසිදායක වන අන්දමින් ය. මේ ඉඩම් ආරවුල සාධාරණව විසඳීමට කටයුතු නොකිරීම නිසා නිලාන් ග‍්‍රාම නිලධාරි සපුකුමාර කෙරෙහි පසුවුණේ දැඩි වෛරයකින් ය. දන්නා කියන හිතවතුන් මාර්ගයෙන් සපුකුමාරට කතා කර මේ ඉඩම් ආරවුලට සාධාරණයක් කර දෙන ලෙස ඉල්ලා සිටිය ද එය පලක් නොවීය. කසුන් ගල්ගමුව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. ගල්ගමුවේ පදිංචි තරුණියක හා විවාහ වූ කසුන් බිරිඳගේ නිවසේ බින්න බැස්සේය. කසුන්ගේ මුල්ගම හික්කඩුවේය. කසුන් සහ නිලාන් ගජ මිතුරන් ය. සතියකට දෙතුන්වතාවක් මුණගැසී හීන් අඩියක් ගැසීම මේ දෙමිතුරන්ගේ විනෝදාංශයක් විය. මත්පැන් පානයට සෙට්වන බොහෝ අවස්ථාවලදී නිලාන්ගේ ප‍්‍රධාන මාතෘකාව වූයේ ඉඩම් ආරවුලය.

‘‘සපුකුමාර ග‍්‍රාමසේවකය මහ ජරා මිනිහෙක්. මිනිහ හැමදාම අරුන්ගෙ පැත්තට අදිනවා. මේ ඉඩම් ආරවුල මට මහ හිසරදයක්.’’

නිලාන් සිය මිතුරාට මේ ගැන නිතර නිතර කීවේය. ඒ වන විට නිලාන් ග‍්‍රාම නිලධාරියා සමඟ පැවතියේ දැඩි වෛරයකි. ‘‘මේ ග‍්‍රාමසේවකයට මොනව හරි කරන්න ඕනෙ. නැත්නම් කවදාවත් මිනිහගෙන් අපට සාධාරණයක් ලැබෙන්නේ නැහැ.’’

සපුකුමාරට අමතක නොවන පාඩමක් ඉගැන්වීමට නිලාන් සිය මිතුරා වු කසුන් සමඟ සාකච්ඡා කරන්නට වුණේය.

‘‘උඹ බයවෙන්න එපා. මගේ කොල්ලො සෙට් එකක් හික්කඩුවෙ ඉන්නවා. උන් පොඩිලැසී එක්ක එකට හිටපු උන්. මේ වගේ වැඩ උන් භාරගන්නවා. මං කථා කරන්නම්. හැබැයි ටිකක් වියදම් කරන්න වෙයි.’’

කසුන් තම කල්‍යාන මිතුරු බඳු වු නිලාන්ට කීවේය.

‘‘කීයක් ගියත් කමක් නැහැ මචං මට මේ වැඬේ ඉවරයක් කරලා දීපං. ගෙදර ගියාම මට කනක් ඇහිලා ඉන්න නැහැ. මේ ඉඩම් ආරවුල ගැන කියවනවා. ග‍්‍රාම සේවකයා හැම වෙලාවෙම අර ගෑනිගෙ පැත්ත ගන්නවා.’’

නිලාන් කීවේය. තම මිතුරාගේ හිතේ සහනය වෙනුවෙන් පෙනී සිටි කසුන් පසුගිය දිනක හික්කඩුවට ගියේය. ඒ තමන් හිතවත්කම් දක්වන පාතාල මැරයන් පිරිස මුණගැසීම සඳහා ය. කසුන් සබඳතා පැවැත්වූ හික්කඩුවේ මැරයන් පිරිස කලක් කොස්ගම පොඩි ලැසී නමැති පාතාල නායකයාගේ කල්ලියේ සමීප සාමාජිකයන් ලෙස කටයුතු කළහ. එහෙත් පසු කලෙක මොවුන් පොඩි ලැසිගේ කල්ලියෙන් ඉවත් වී වෙනම පාතාල කල්ලියක් ගොඩනඟාගෙන සිටියහ. මුදල් කොන්ත‍්‍රාත් මත මිනිස් ඝාතන සිදුකිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම්, කප්පම් ගැනීම් ඇතුළු විවිධ අපරාධවල යෙදෙමින් මොවුන් මුදල් ඉපැයූහ.

‘‘කසුන් අයියා මේක උඹේ වැඩක්නම් අපි කරලා දෙන්නම්. අපේ වියදමට සල්ලි ටිකක් දුන්නොත් ඇති. උඹේ වැඩක් අපට නොකර ඉන්න බැහැනෙ.’’

හික්කඩුවේ පාතාල කල්ලියට නායකත්වය දුන් පුෂ්පරාජ් කීවේය. කසුන් ආපසු ගල්ගමුවට යන්නේ සැහැල්ලූ සිතින්ය. ඔහු මැදියම සිය කල්‍යාන මිතුරා වූ නිලාන් හමුවුණේය. ඔන්න උඹේ වැඬේ හරි. හික්කඩුවෙ මං දන්න කොල්ලො සෙට් එකකට මං වැඬේ භාර දුන්නා. හෙට අනිද්දාම උන් ඇවිත් මේ වැඬේ ඉවරයක් කරලා දායි. කොල්ලන්ගේ වියදමට රුපියල් 70,000 ක් දෙන්න මං පොරොන්දු වුණා. මගේ හිතවත්කමට උන් මේක බාරගත්තේ. නැත්නම් මේ වගේ කොන්ත‍්‍රාත්වලට උන් ලක්‍ෂ ගණනක් චාර්ජ් කරනවා.’’ කසුන් සියලූ විස්තර නිලාන් සමඟ කීවේය. හික්කඩුවේ පාතාල කල්ලියට දීමට පොරොන්දු වු රුපියල් හැත්තෑදහස කසුන්ට ලබාදුන් නිලාන් ග‍්‍රාම සේවකට අමතක නොවන පාඩමක් ඉගැන්වීමට දිනයක් ද යොදා ගත්තේය.මේ අතර කසුන් නිතර නිතර දුරකථන මාර්ගයෙන් හික්කඩුවේ පාතාල මැරයන් සමඟ සම්බන්ධ වුණේය.

‘‘කසුන් අයියා අපට මේ වැඬේට වෑන් එකක් සෙට් කරලා තියන්න. අනික අපට මෙහෙ ඉඳලා අඹන්පොලට එන්න වාහනයක් නැහැ. අපි රෙන්ට් එකට වාහනයක් අරන් එන්නේ. ඒවායෙ ගාස්තු ටිකත් බලාගන්න වෙයි.’’ පුෂ්පරාජ් ඉදිරි සැලසුම ගැන කසුන්ට කීවේය.

‘‘උඹ අදම ගිහින් රෙන්ට් කාර් එකකින් වෑන් එකක් කුලියට ගනින්. පුෂ්පරාජ්ලා හික්කඩුවෙන් වාහනයක් කුලියට අරන් එනවා කිව්වා. දැන් සේරම ලෑස්තියි. අපට තියෙන්නේ පැත්තකට වෙලා බලාගෙන ඉන්න විතරයි.’’

කසුන් තම මිතුරා වූ නිලාන්ට කීවේය. නිලාන් ගල්ගමුව ප‍්‍රදේශයේ වාහන කුලී පදනම මත ලබාදෙන ආයතනයක් වෙත ගොස් වෑන් රථයක් කුලී පදනම මත ලබා ගත්තේය. අපරාධයක් කිරීම ගැන මෙලෝ හසරක දැනුමක් නොතිබුණු නිසාම නිලාන් මේ වෑන් රථය කුලියට ගත්තේ ඔහුගේ නමටය.

‘‘වෑන් එකත් ලෑස්තියි. හික්කඩුවේ සෙට් එකට කියන්න වැඬේ කරන්න කියලා.’’

නිලාන් කසුන්ට කතා කර කීවේය. ඔක්තෝබර් 03 වැනිදා දහවල් හික්කඩුවේ පාතාල මැරයන් රැගත් මෝටර් රථය අඹන්පොලට ආහ. මේ පාතාල කල්ලියට නායකත්වය දුන්නේ පුෂ්පරාජ් ය. පාතාල මැරයන් අඹන්පොලට නුදුරු නිවාඩු නිකේතනයක ලැඟුම් ගත්හ. ඔවුන් පැමිණ සිටියේ හික්කඩුව ප‍්‍රදේශයෙන් කුලියට ගත් රතු පැහැති මෝටර් රථයකය. කසුන් සහ නිලාන් ඔවුන් කුලියට ගත් වැගන් ආර් වර්ගයේ වෑන් රථයෙන් අඹන්පොල නිවාඩු නිකේතනය වෙත ආහ. ඒ වන විට පුෂ්පරාජ් නිවාඩු නිකේතනයේ කාමර දෙකක් ඔහුගේ නමින් වෙන් කර ගෙන සිටියේය. එදින රාත‍්‍රියේ නිවාඩු නිකේතනයේ පුංචි මත්පැන් සාදයකි. ග‍්‍රාම නිලධාරියා පරලොව යවන ආකාරය ගැන ඔවුන් සාකච්ඡා කරන්නට වූහ. හෙට උදේ ග‍්‍රාමසේවකයා මිනිහගෙ ඔෆිස් එකට එනවා. අතරමඟදි අපිට වැඬේ කරන්න පුළුවන්. මිනිහා බයික් එකෙන් එන්නේ.’ නිලාන් කීවේය.

පසුදා උදෑසන ග‍්‍රාම නිලධාරි සපුකුමාරට අමතක නොවන පාඩමක් ඉගැන්වීමේ සැලසුම ක‍්‍රියාත්මක කිරීමට සිහින දකිමින් නිලාන් සිය මිතුරා වු කසුන් සමග නිවාඩු නිකේතනයෙන් පිටවුණේය. නිලාන් කුලියට ගත් වෑන් රථය පුෂ්පරාජ් ප‍්‍රමුඛ මැරයන් වෙත බාර දී ඔවුන් හික්කඩුවේ සිට පැමිණි මෝටර් රථයෙන් පිටව ගියහ. ඔක්තෝබර් 04 වැනිදා සුපුරුදු පරිදි අඹන්පොලට හිරු උදාවුණේය. තම ජීවිතයේ අවසන් හෝරා කීපය ගෙවී යන බව සපුකුමාර දැන සිටියේ නැත. තමන් බිලිගැනීමට පාතාල මැරයන් පිරිසක් පෙරමඟ බලා සිටින බව නොදත් සපුකුමාර කාර්යාලයට යෑමට ලකලෑස්ති වුණේය. ඒ වන විට පුෂ්පරාජ් ප‍්‍රමුඛ පාතාල මැරයන් තිදෙනා පාදෙණිය අනුරාධපුර මාර්ගයේ අඹන්පොල උඩංගාව ප‍්‍රදේශයට පැමිණ සිටියහ. කසුන් සහ නිලාන් රැගත් මෝටර් රථය ද පුෂ්පරාජ් ප‍්‍රමුඛ මැරයන් රැඳී සිටි මාර්ගයේ පෙනෙන නොපෙනෙන දුරකින් නතර කරගෙන සිටියෝය. අඩහෝරාවකට ආසන්න කාලයක් ගත වුවද සපුකුමාර පැමිණියේ නැත. පුෂ්පරාජ් මෙන්ම නිලාන් ද කලබලයට පත්ව සිටියහ.

‘‘මේ යකා වෙන කොහෙ හරි ගියාද කෝල් එකක් අරන් බලමු.’’

නිලාන් කීවේය. කසුන් මෝටර් රථයේ සිටම ග‍්‍රාම නිලධාරි සපුකුමාරට ඇමතුමක් ගත්තේය.

‘‘ග‍්‍රාමසේවක මහත්තයා මං ඔයාගෙ ඔෆිස් එක ළඟ ඉන්නෙ. අද එනවද? මට වැඩ කීපයක් තියෙනවා

කරගන්න.’’

සැකයට බඳුන් නොවන ආකාරයට කසුන්

සපුකුමාරගෙන් විමසුවේය.

‘‘මං මඟ එන ගමන් ඉන්නෙ. තව ටික වෙලාවකින් ඔෆින් එකේ.’’

තමන් බිලි ගැනීමට දත් විලිස්සාගෙන බලා සිටින මාරයන් රැළ වෙත යන්නට සපුකුමාර පිටත් වුණේය. අඹන්පොල උඩංගාව ප‍්‍රදේශය ඒ වන විට ජනශූන්‍ය වී තිබුණේය. ඉඳහිට මාර්ගයේ ධාවනය වූ වාහනයක දෙකක හඬ හැරෙන්නට ප‍්‍රදේශය පුරා පැවතියේ දැඩි නිහැඬියාවකි. සපුකුමාර රැගත් මෝටර් බයිසිකලය ප‍්‍රධාන මාර්ගයෙන් මතුවනු නිලාන් මෙන්ම කසුන් ද කල්තියාම දුටුවෝය.

‘‘ඔන්න මෑන් එනවා. උඹලා ලෑස්තිවෙයල්ලා. ග‍්‍රාමසේවකයා ඉවරයක් කරලා දාලා පැනපල්ලා. අපි මඟදි සෙට් වෙමු.’’

පුෂ්පරාජ්ට දුරකථන ඇමතුමක් දුන් කසුන් ග‍්‍රාම නිලධාරි සපුකුමාර පැමිණෙන බව දැනුම් දුන්නේය. පුෂ්පරාජ් ඇතුළු මැරයන් ක‍්‍රියාත්මක වූහ. සපුකුමාර පැමිණි යතුරුපැදිය හඹා ගිය පුෂ්පරාජ් ප‍්‍රමුඛ පාතාල මැරයන් එය හප්පා පෙරළා දැමුවෝය. සැණෙකින් ක‍්‍රියාත්මක වූ පුෂ්පරාජ් සහ ඔහුගේ සගයන් වෑන් රථයෙන් බැස බිම වැටී සිටි සපුකුමාරට තියුණු ආයුධවලින් පහර දුන්නෝය. අනපේක්‍ෂිතව එල්ල වූ ප‍්‍රහාරයෙන් අන්දමන්ද වී සිටි සපුකුමාර මැරයන්ගෙන් බේරීමට දැඩි උත්සහයක් ගත්තේය. එහෙත් අවසිහියෙන් සිටි මැරයන් සමඟ සටන් කිරීමට ඔහුට ශක්තියක් තිබුණේ නැත. පුෂ්පරාජ්ගේ තියුණු ආයුධය සපුකුමාරගේ සිරුර කිහිපවරක් විනිවිද ගියේය.

‘‘හරි යමං.. .වැඬේ ඉවරයි. උඹ අපායටම පලයන්.’’ එසේ කියමින් වෑන් රථයට ගොඩ වූ පුෂ්පරාජ් සහ මැරයන් අනුරාධපුර පාදෙණිය මාර්ගය ඔස්සේ නොපෙනී ගියෝය. ග‍්‍රාම නිලධාරි සපුකුමාර ඝාතනය කරන දෙස දෑස් අයාගෙන සිත්පිත් නැති මිනිසුන් මෙන් බලා සිටි නිලාන් සහ කසුන් පුෂ්පරාජ් ඇතුළු මැරයන් ලූහුබැන්දෝය. අහක ගිය ඉඩම් ආරවුලකට මැදි වූ ග‍්‍රාම නිලධාරි සපුකුමාර ඊට ජීවිතයෙන් වන්දි ගෙව්වේය.

ගල්ගමුව දුම්රිය ස්ථානයේ නියෝජ්‍ය ස්ථානාධිපති නිලාන් පොලිසිය හමුවේ මේ සියල්ල හෙළි කළේය. ඒ වන විට පුෂ්පරාජ් ඇතුළු මැරයන් වෑන් රථය අතරමඟ හැර දමා ඔවුන් පැමිණි මෝටර් රථයෙන් හික්කඩුවට පලාගොස් සිටියහ. අඹන්පොල පොලිස් ස්ථානාධිපති සමන් පෙරේරා, අපරාධ අංශයේ ස්ථානාධිපති ජයරත්න ඇතුළු නිලධාරීන් මැරයන් පැමිණි මෝටර් රථය හික්කඩුව ප‍්‍රදේශයේ මෝටර් රථ කුලියට ලබාදෙන ස්ථානයකින් ලබාගත් එකක් බව හෙළිකරගෙන තිබිණි. මැරයන් පැමිණ නවාතැන් ගෙන සිටි නවාතැන්පළ හඳුනාගත් පොලිස් නිලධාරීන් ඒ ඔස්සේ කළ විමර්ශනයකදී පුෂ්පරාජ් පිළිබඳව තොරතුරු සොයාගත්හ. නවාතැන්පල වෙත ලබා දී තිබූ පුෂ්පරාජ්ගේ ලිපිනය ඔස්සේ ගිය පොලිස් නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගත්තේය. නිලාන්ගේ අවශ්‍යතාව මත සපුකුමාර ඝාතනය කිරීම සඳහා සියලූ සහායන් ලබාදුන් කසුන් මේ වන විට සිය බිරිඳ ද සමඟ අතුරුදන්ය. ඝාතනයට හික්කඩුවේ සිට පැමිණි පාතාල මැරයන් දෙදෙනා ද ආගිය අතක් නැත. සපුකුමාර ඇතුළු ඝාතකයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් විමර්ශන පවත්වාගෙන යයි. නිලාන්ගේ ඉඩම් ආරවුල අවසන් නැත. ඉඩම් ආරවුල නිසා අද ඔහු සිටින්නේ බන්ධනාගාරයේ ය.

අවසානයේ සිදුවුණේ කොහේදෝ නැති ඉඩම් ආරවුලක් නිසා සපුකුමාරට ජීවිතය අහිමිවීම පමනි. වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති අනිල් ප‍්‍රියන්ත, නිකවැරටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ, සහකාර පොලිස් අධිකාරි සමරකෝන් මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ අඹන්පොල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක සමන් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ජයරත්න ඇතුළු නිලධාරීහු විමර්ශන පැවැත්වූහ.

හේමන්ත රන්දුණු

ජීවිතයක් අහිමි කළ ඉඩම් ආරවුලක්…අඹන්පොල ඝාතනයේ සත්‍ය කතාව

advertistmentadvertistment
advertistmentadvertistment