ජීවිතයේ එක්වරක් හිමිවන CEYIFF සම්මාන ද්විත්වය ලතාට – අයිරාංගනීට

361

සිලෝන් ඉන්ටර්නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල් (CEYIFF) හා ‘සිනෙස්ටාර්’ පදනම එක්ව සංවිධානය කළ ඉකුත් 10දා රාත්‍රි කොළඹ නවලෝක රෝහල් ශ්‍රවණාගාරයේ පැවති ශ්‍රී ලංකාවෙන් පිටත සංවිධානය කරන ලද ප්‍රථම ශ්‍රී ලාංකික චිත්‍රපට උළෙලේදී ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන සම්මාන ද්විත්වය මහා රංගවේදිනී අයිරාංගනී සේරසිංහ හා හෙළ ගී රැජන කලාසූරී ලතා වල්පොල මහත්මීන්ට හිමිවිය.

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මිය අතින් ඔවුන්ට එම සම්මාන පිරිනමනු ලැබිණි.

මෙම අවස්ථාවට CEYIFF නිර්මාතෘ සහ සභාපතිනි අරුණි බොතේජු මහත්මිය ද සහභාගි වූවාය.
පින්තූරය – ලක්‍ෂ්මන් පන්තියදේව

advertistmentadvertistment
advertistmentadvertistment