ජීවිතය කලාගාරයක් කරගත් 93 වියැති විශ්වකර්ම අම්මා

526

මගේ නිර්මාණ ඇගයීමෙන් මා අවුරුදු 60කින් තරුණ වුණා

ලෝක  කාන්තා දිනය නිමිත්තෙනි

සිත කෙළෙස්වලින් බර වුණාම  එලොවටත් මෙලොවටත් හොඳ නෑ  – පේ‍්‍රමවතී එදිරිසිංහ (93)

ජීවිතය කලාගාරයක් කරගත් 93 වියැති විශ්වකර්ම අම්මා

නව නිර්මාණ සම්මානලාභී ඇය පේ‍්‍රමවතී එදිරිසිංහ (93) නම් වූවාය. සහශ‍්‍රක දෙකක අත්දැකීම් ඇති ඒ මිත්තණිය සිය දරු මුණුපුරන් වෙත නැණ ගුණ නුවණ දිරිය ලබා දෙමින් ඉතා සොම්නසින් යුතුව නව නිර්මාණ ලෝකයාට හදුන්වා දෙන්නීය.

ජීවිතය කලාගාරයක් කරගත් 93 වියැති විශ්වකර්ම අම්මා

අවුරුදු 93 ක් වන අපේ කතා නායිකාව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ පුරවැසි අත්කම් නිර්මාණ තර`ගාවලියේ 2 වන ස්ථානය දිනා ගනිමින් ක`ඵතර දිස්ති‍්‍රක්කයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හට අභිමානයක් ද කීර්තියක් ද ලබා දීමට සමත් විය.

තවමත් මැදි වියේ ජීවත් වන චරිතයකට හැඩ රුව ඇති ඇය නිර්මාණ ලෝකයට කිමිදී ඉතා කෙටි කලකින් අපූරු දර්ශනීය සිත්තමක් ගෙත්තමක් විස්කමක් අත්කමක් මවන්නීය. තනන්නීය. අඹන්නීය. අදින්නීය. ඒ මිත්තණිය මේ සියලූ නිර්මාණ ස`දහා භාවිතා කරන්නේ ඉවත ලන අබලි ද්‍රව්‍යයන්ය.

”ආ එන්න පුතේ ඔයාලා මේ ගෙයි වත්ත පිටිය පුරා තිබෙන මේ නිර්මාණ මම මගේ මේ දෑතින් කළා කියලා සිතුවාද? මම ඉපදුනේ බද්දේගමයි. මම පුත්තු 04, ¥ලා 03 දෙනෙකු සිටින මවක්. අපි මේ ගමට ආවේ 1954 දීය. මගේ මහත්තයා එම්. ඒ. පේ‍්‍රමතිලක දරු මල්ලෝ දීග කර දීලා සැදෑ සමයේදී මගේ අවසරය අරගෙන පැවිදි වුණා. දැන් අපවත් වෙලා. මම අමරසූරිය විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ විභාගය තෙක් ඉගෙන ගත්තා. දෘෂ්ටි විශේෂඥ ඇල්බට් එදිරිසිංහ, සංගීත විශාරද ලයනල් එදිරිසිංහ ඇයගේ සහෝදරයෝ බව ද ඇය නිහතමානීව පවසයි.

මම අද ආඩම්බරයෙන් ඉදිමිලා නැහැ. මේ සැදෑ සමයේ මේ වාගේ නිර්මාණ කිරීමෙන් ද ආගමික වතාවත්වල යෙදීමෙන්ද මම මගේ ඊළ`ග භවයට සුදුසු පරිසරයක් නිර්මාණය වන බව දන්නවා. සිත අකුසල්වලින්, කෙළෙස්වලින් බර වුනාම එළොවටත් මෙලොවටත් එය සුදුසු නැහැ. පොල් කටු වලින් පොල් තෙල් පහන්, බල්බ් වැල්, අලි ඇතුන්, රෙදිවලින් විල්ලූද, ආස්තර මල්වැල්, මැටියෙන් විවිධ පක්ෂීන්, පත්තර ලොතරැුයි පත් අතරින් විවිධ විලාසිතාවන්, ලූණු පොල් කටු, මල් බදුන්, මල් වාස් බැලූ බැලූ අත ඇයගේ නිවස පුරා අලංකාරවත්ය.

පුංචි කලාගාරයක් බ`දුය. රාතී‍්‍ර 12.00 ට නින්දට යන ඇය පාන්දර 04.00 ට අවදි වෙයි.

මම නිර්මාංශිකයි පුතේ. ගොක් කොළ සැරසිලි, ඉටි රෙදි සැරසිලි,

ගස් රුක් සැරසිලි, මගේ අතින් දහස් ගණනක් මඟුල්, දාන, අවමංගල්‍ය පිරිත් පිංකම් ස`දහා මම කර දී තිබෙනවා. මේවා කරන්නේ සේවයක් විදියටයි. සාම්ප‍්‍රදායික සිංහල ආහාරපාන වර්ගවලින් ඇයගේ නිවසේ තුන් වේලම පෝසත්ය. කොස් ගෙඩිය කපා ඉවත් කරනු ලබන කොහොල්ලෑ වලින් ඇය ඉතාම ප‍්‍රණීත රසයෙන් යුතු කොහොල්ලෑ වෑංජනයක් සකස් කරන ආකාරය කියා දෙන්නට වූයේ ප‍්‍රවීණ සූපවේදියෙක් සේය. බුලත්සිංහල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ අපේ ගැමුණු වැඩිහිටි සමිතිය නව නිර්මාණවලට දීපු ධෛර්ය නිසා මම තවත් අවුරුදු 60 ක් විතර සිතින් තරුණ වුණා යැයි ඇය පැවසුවාය.

පාලින්දනුවර – නන්දන ශ‍්‍රී කෝට්ටේගොඩ
 

advertistmentadvertistment
advertistmentadvertistment