ජීවිතාරක්ෂක සහ වික්‍රමාන්විත  ක්‍රීඩා පුහුණුව තුළින් ආපදා කළමනාකරණයට අලුත් මානයක් – A- PAD SL

138

ආපදා කළමනාකරණය පිළිබඳ ආසියානු පැසිෆික් සන්ධානයේ (A- PAD SL) අන්තර්ජාතික සම්මන්ත්‍රණය කොළඹදී මුළු දෙයි

ජීවිතාරක්ෂක සහ වික්‍රමාන්විත  ක්‍රීඩා පුහුණුව තුළින් ආපදා කළමනාකරණයට අලුත් මානයක් - A- PAD SL

ආපදා කළමනාකරණය පිළිබඳ ආසියානු පැසිෆික් සන්ධානයේ (A- PAD SL) අන්තර්ජාතික සම්මන්ත්‍රණය පසුගියදා (30) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වුණා.

සාකච්ඡා වට දෙකක් යටතේ පැවති මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකො ෂිහිදයාකි මහතායි.

ජීවිතාරක්ෂක සහ වික්‍රමාන්විත  ක්‍රීඩා පුහුණුව තුළින් ආපදා කළමනාකරණයට අලුත් මානයක් - A- PAD SL

“අර්බුද තුළ අර්බුදය” යන මැයෙන් පැවති මෙම සම්මන්ත්‍රණයට ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය අනිලා ඩයස් බණ්ඩාරනායක මහත්මිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ භෝගවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ, ආපදා කළමනාකරණය පිළිබඳ ආසියානු පැසිෆික් සන්ධානයේ (A- PAD SL) මෙරට අධ්‍යක්ෂ ෆිර්සාන් හෂීම් මහත්වරු ඇතුළු දෙස් විදෙස් නියෝජිත පිරිසක්ද එක්වුණා.

ජීවිතාරක්ෂක සහ වික්‍රමාන්විත  ක්‍රීඩා පුහුණුව තුළින් ආපදා කළමනාකරණයට අලුත් මානයක් - A- PAD SL

ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය පිළිබඳ ආසියානු පැසිෆික් සන්ධානය (A- PAD SL) පසුගිය අගෝස්තු මාසයේ දී ජපාන සහ තායිවාන පුහුණුකරුවන්ගේ සහභාගීත්වයෙන් විශේෂ ජීවිතාරක්ෂක පුහුණුවක්ද පැවැත්වූවා. ආපදාවකදී කඹ මගින් ජීවිත මුදා ගැනීමේ වෘත්තීය පුහුණුව ලෙස හැඳින්වුණු එම පුහුණුව මීගමුව, වයික්කාල්හිදී දින7ක් පුරා පැවති ඉතා  උද්‍යෝගිමත් එකක් වුණා.

ජීවිතාරක්ෂක සහ වික්‍රමාන්විත  ක්‍රීඩා පුහුණුව තුළින් ආපදා කළමනාකරණයට අලුත් මානයක් - A- PAD SL

පුහුණුවට සහභාගි වන්නන් ලණු මගින් ගලවා ගැනීමේ මෙහෙයුම්වල සංකීර්ණ තාක්ෂණික කරුණු ඉගෙන ගැනීමට සම්බන්ධ වුණා. විවිධ  වර්ගයේ උපකරණ සහ ඒවා භාවිත කරන ආකාරය, භාවිත කළයුතු විවිධ ගැට ක්‍රම කිහිපයක් සහ ඒවා භාවිත කළ යුත්තේ කෙලෙසකද, කඹයකින් නැඟීම සහ බැසීම මෙන්ම නිසි ලෙස සම්බන්ධ වන්නේ කෙසේද යන්න පිළිබඳව ද දැනුවත් කිරීම මෙම පුහුණුවට ඇතුළත් වුණා.

ජීවිතාරක්ෂක සහ වික්‍රමාන්විත  ක්‍රීඩා පුහුණුව තුළින් ආපදා කළමනාකරණයට අලුත් මානයක් - A- PAD SL

පුද්ගල කුසලතා සහ දැනුම ලබාගැනීමට අමතරව, කඹ මගින් ගලවා  ගැනීමේදී කණ්ඩායමක් ලෙස ඵලදායී අයුරින් කටයුතු කරන ආකාරයද මෙහිදී කියාදෙනු ලැබුවා.

ගඟක් හරහා කඹ මගින් මුදාගැනීමේ මෙහෙයුමක් සාර්ථකව සිදුකිරීමටද මෙම කණ්ඩායමට සිදුවූ අතර, පුහුණුවේ අවසාන දිනයේදී, ඊට සහභාගි වූ සෑම අයෙකුම සතිය තුළදී ලබාගත් කුසලතා පරීක්ෂා කිරීමක්ද සිදුකෙරුණා.

ජීවිතාරක්ෂක සහ වික්‍රමාන්විත  ක්‍රීඩා පුහුණුව තුළින් ආපදා කළමනාකරණයට අලුත් මානයක් - A- PAD SL
විශ්‍රාමික මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ

ඔවුන්ගේ පරීක්ෂණ සමත්වූ පසු, ඊට මුහුණදුන් අය කඹ  මගින් ගලවාගැනීමේ මට්ටම 1 යටතේ ජාත්‍යන්තරව පිළිගත් සහතිකයකට හිමිකම් කියනු ලැබුවා.

එම පුහුණුව සාර්ථකව අවසන් කළ ජීවිතාරක්ෂක සහ වික්‍රමාන්විත ක්‍රීඩා නියෝජිතයන් 14 දෙනකු සඳහා සහතිකපත් ප්‍රදානයද පසුගියදා කොළඹදී පැවැත්වුණු අන්තර්ජාතික සම්මන්ත්‍රණයේදීම සිදුකෙරුණා.

ආපදා කළමනාකරණය පිළිබඳ ආසියානු පැසිෆික් සන්ධානය (A- PAD SL) මෙරට ජනතාවගේ සුබසාධනය සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනු ලබන ආයතනයකි. ඒ සඳහා ත්‍රිවිධ හමුදාව සහ ප්‍රධාන පෙළේ පුද්ගලික ආයතන, පුද්ගලයන්, රාජ්‍ය නොවන සංවිධාන රැසක් එක්ව ක්‍රියා කිරීමද විශේෂත්වයකි. ඊට අදාළ ජීවිතාරක්ෂක පුහුණුව හා දැණුම හා උපකරණ ආසියානු පැසිෆික් සන්ධානය (A- PAD SL) මගින් වසර කිහිපයක් තිස්සේ සිට වරින් වර ලබාදී ඇත. මේ අනුව ඉතා හොඳින් පුහුණුව ලැබූ ජීවිතාරක්ෂක කණ්ඩායමක් දැන් ශ්‍රී ලංකාවේ සිටී. ආපදාවන්ට මුහුණදීමට හා ඉන්  ජයගැනීමට හැකියාව ඇති ශක්තිමත් ප්‍රජාවක් බිහිකරලීම සඳහා වසර  ගණනාවක පුරා මෙම සන්ධානය වැඩසටහන් සංවිධාන කරන්නේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන තවදුරටත් ඒකබද්ධ කරගනිමින්.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ වරින් වර ඇතිවන ගංවතුර, නාය යෑම්, නියඟ ඇතුළු ආපදා කෙරෙහි ඉක්මන් ප්‍රතිචාර දැක්වීම සඳහා මෙසේ පුහුණු කණ්ඩායම් ක්ෂණිකව ක්‍රියා කිරීමට සැදී පැහැදී අපේක්ෂාවෙන් සිටී.

මෙවර ජාත්‍යන්තර සමුළුවේදී තවදුරටත් ශ්‍රී ලංකාවේ ආපදා තත්ත්වයන් හා ඊට මුහුණ දීම සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා කරනු ලැබූ අතර ඒ සඳහා කලාපීය මට්ටමෙන් ඉතා ඉහළ පුහුණුවක් සහිත උපදේශකයන් සහභාගි වීම විශේෂත්වයක් වුණා.

● ජගත් කණහැරආරච්චි
සංස්කරණය – ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment