ජීවිත රැසක් කොරෝනාවෙන් බේරා රත්නපුරේ ගිලන් රථ රියැදුරා කොරෝනාවටම දිවි දුන්නා

218

හිතහොද අමරේ ගේ වියෝවෙන් රෝහල් කාර්ය මණ්ඩලය මෙන්ම සෙසු පිරිස් බලවත්  කම්පාවට පත්වෙති

කොරෝනා වසංගතය සුව සේවා අංශවලටද බලපෑම් එල්ල කර තර්ජනයක් වී තිබියදී කොරෝනා ආසාදනය වීමෙන් රත්නපුර ශික්ෂණ රෝහලේ ගිලන් රථ රියැදුරු බී.ඒ. අමරජීව මහතා මියයෑම නිසා රත්නපුර රෝහල් කාර්ය මණ්ඩලය මෙන්ම ඔහු ගැන දන්නා බොහෝ පිරිසක් කම්පාවට පත්ව සිටිති.

හිත හො`ද මිනිසෙකු ලෙස කා අතරත් ප‍්‍රකට අමරජීව මහතා වසර 17 ක කාලයක් රත්නපුර ශික්ෂණ රෝහලේ ගිලන් රථ රියැදුරෙකු ලෙස සේවය කළේය.

ඔහුගේ උපන් ගම නිවිතිගල වතුපිටියයි. දෙදරු පියෙකු වන ඔහු 2006 වසරේ රත්නපුර රෝහලේ ගිලන් රථ රියැදුරුවරයෙකු ලෙස සේවයට එක්ව ඇති අතර එයට පෙර හිටපු ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතා ඇතුළු දේශපාලකයින් කිහිප දෙනෙකුගේම රියැදුරුවරයෙකු ද ලෙස කටයුතු කර තිබේ. මියයාමට පෙර ඔහු අසාධ්‍ය තත්වයේ පසුවන කොරෝනා රෝගීන් විශාල සංඛ්‍යාවක් ගිලන් රථය මගින් රෝහල කරා රැුගෙන විත් ඇති අතර ජීවිත විශාල සංඛ්‍යාවක් ගිලන් රථයෙන් රැුගෙන විත් බේරාගෙන ඇති බව ඔහුගේ හිතවතුන් පවසයි. නිවිතිගල වතුපිටිය ප‍්‍රදේශයේ උපත ලද ඔහු පදිංචිව සිට ඇත්තේ රෝහල් නිල නිවාස තුළය. දෙදරු පියෙකු වන ඔහුගේ එක් දරුවෙකු වයස අවුරුදු දොළහේදී පමණ මියගොස් ඇති අතර දැනට ඔහුට අවුරුදු දහසයක දියණියක් වෙති. අමරජිව මහතා වකුගඩු රෝගී තත්වයක පෙළුණු බවද ඔහුගේ රුධිරය වරින් වර මාරු කළ බවද ඔහුගේ

සොහොයුරෙකු පැවසීය. රත්නපුර රෝහලේ ගිලන් රථ රියැදුරුවරයෙකු ලෙස පමණක් නොව රෝහලේ පොදු කටයුතු වලදීත් අමරජීව මහතා කැපවීමෙන් කටයුතු කළ අයෙකි. රත්නපුර ශික්ෂණ රෝහලේ කොවිඞ් ප‍්‍රතිකාර ඒකකයේ ප‍්‍රතිකාර ලද අමරජීව මහතා සුව වී නිවෙසට යෑමෙන් පසු යළි රෝගීවීම නිසා රෝහල් ගතව සිටියදී 23 වනදා මරුමුවට පත්විය. රත්නපුර රෝහලේ වෛද්‍ය සහ හෙද ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ බොහෝ පීඩා වි`දිමින් රෝහල් කාර්ය මණ්ඩලය කොවිඞ් ප‍්‍රතිකාර ඒකකයේ රෝගීන් මෙන්ම සෙසු රෝගීන් වෙනුවෙන් ද කැපවී සිටිති.

කහවත්ත සමරවීර නිරෝෂණ

advertistmentadvertistment
advertistmentadvertistment