ජීවිත 288ක් බිලි ගත් අනතුරෙන් දින 3කට පසු ඉන්දියාවේ තවත් දුම්රියක් පීලි පනී

242

ජීවිත 288ක් බිලිගත් බාලසෝර් දුම්රිය අනතුරෙන් දින තුනකට පසුව ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ බාර්ගාර්හිදී පෞද්ගලික භාණ්ඩ දුම්රියක් පීලි පැනීමකට ලක් විය.

මෙම සිද්ධියෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැත.

පුද්ගලයන් 275 දෙනකුට මරු කැඳවූ මාරක දුම්රිය අනතුර සම්බන්ධයෙන් ඉන්දියාවේ ඉහළම රහස් පරීක්ෂක ඒජන්සිය වන සීබීඅයි විසින් විමර්ශනය කළ යුතු බවට ඉන්දීය දුම්රිය අමාත්‍යාංශය නිර්දේශ කර තිබේ.

දුම්රිය අමාත්‍ය අශ්විනි වෛෂ්නව් මෙම තීරණය ප්‍රකාශයට පත් කර තිබේ. ඉන්දීය දුම්රිය සේවයේ මෙහෙයවීමෙන් ආරම්භ කර ඇති අතර මූලික වාර්තා පවසන්නේ සංඥා දෝෂයක් අනතුරට හේතු වී ඇති බවයි.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment