ජීවිත 3ක් පස් කන්දට බිලිවෙයි

182

මඩවල මහවංගුව දික්හින්න ප‍්‍රදේශයේ නිවසක් පිටුපස බැම්මක් ඉදිකිරීමට අත්තිවාරම් කපමින් සිටි පුද්ගලයින් සිව්දෙනකු මතට ඊයේ (07දා) පස්වරුවේ පස් කන්දක් කඩා වැටීමෙන් තිදෙනකු මරණයට පත්ව ඇත.

පස්වලට යටවී සිටි පුද්ගලයින් සිව්දෙනා ප‍්‍රදේශවාසීන් විසින් පිටතට ගෙන රෝහල් ගතකර තිබෙන අතර බරපතළ තත්ත්වයේ පසුවූ එක් අයකු ප‍්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

ජීවිත 3ක් පස් කන්දට බිලිවෙයි



මියගිය පුද්ගලයින් පූජාපිටිය, මඩොල්කැලේ හා කැටබුල යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත. වත්තේගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment