ජීව උණ්ඩයකුත් සමග කාන්තාවක් දළදා වදින්න ඇවිත්

285


දළදා මාලිගය වන්දනා කිරීමට අද සවස පැමිණි කාන්තාවකගේ ගමන් බෑගයේ තිබී ටී-56 ජීවී උණ්ඩයක් හමුවී ඇත.
හිටපු පොලිස් සාජන්වරයෙකු ගේ බිරිඳ් වන මෙම කාන්තාව වන්දනා කිරීමට බැතිමතුන් ශ‍්‍රී දළදා මාලිගාවට ඇතුළු වන දොරටුව අසලදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
දළදා මාලිගාවට ප‍්‍රවේශ වන මාර්ගයේ සවිකර ඇති ආරක්ෂක සංඥා පද්ධති ක‍්‍රියාත්මක වීම නිසා පොලීසිය අදාළ කාන්තාවපරීක්ෂාවට ලක්කළ අවස්ථාවේ ඇගේ ගමන් බෑගයේ තිබී මෙම ජීව උණ්ඩය හමුවී ඇත.
මෙම කාන්තාවගේ සැමියා හිටපු පොලිස් නිලධාරියකු වන බවත් ඔහු මෙයට වසර 05 කට පමණ ඉහතදී මියගොස් තිබෙන බවත් පොලීසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment