ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේ ලෝකඩ පදක්කමක් ශ්‍රී ලංකාවට

214

ආර්මේනියා රාජ්‍යයේ යෙරෙවාන්හිදී  පසුගියදා නිමාව දුටු අන්තර්ජාතික ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ හර්ෂාන් අරුමෝලී සමත්වී තිබේ.

 රටවල් හැට හතරක් සහභාගි වූ මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ අරුමෝලී යාපනය හින්දු විද්‍යාලයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙකි. මෙම තරගාවලිය සඳහා

 බලංගොඩ ආනන්ද මෛත්‍රී විද්‍යාලයේ ප්‍රවීන් තෙන්නකෝන්, කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ කාර්තික් ප්‍රවීන්, සහ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ සිළුනි වික්‍රමතිලක ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ අතර විශේෂ ජූරි සභිකයෝ ලෙස ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හිරාන් අමරසේකර සහ කැලණිය විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය එම්. ජයන්ත විජේරත්න යන මහත්වරු සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment