ජී. එස්. පී. ගැන කතා කරන්න යුරෝපා සංගමයේ නියෝජිතයෝ ශී‍්‍ර ලංකාවට

110

ජී. එස්. පී. ප්ලස් සහනය සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීම සඳහා යුරෝපා සංගමයේ නියෝජිතයන් පිරිසක් ලබන 27 වැනිදා ‘දිවයින’ට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශ‍්‍රාමික අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවසීය.

 එම නියෝජිත පිරිස ජනපතිවරයාත් අගමැතිවරයාත් විදේශ ඇමැතිවරයාත් මුණගැසී සාකච්ඡුා කරන බව ද එමෙන්ම ජී. එස්. පී. ප්ලස් සහනය ලැබීමට සෘජුව හා වක‍්‍රව සම්බන්ධ වන පුද්ගලයන් හමුවී සාකච්ඡුා කිරීමට නියමිත බව ද ඒ මහතා කියා සිටියේය.

 අපගේ ප‍්‍රතිපත්තියට අනුව කි‍්‍රයා කරන නිසා අපට සැඟවීමට කිසිවක් නොමැති බව ද යුරෝපයේ සිට තීන්දු දෙනවාට වඩා පැමිණ සාකච්ඡුා කර අවබෝධයක් ලබා ගත හැකි බව ද ලේකම්වරයා කීය. ප‍්‍රතිත‍්‍රස්ත පනත හරහා සිදුකළ හැකි දේ කඩිනමින් අධ්‍යයනය කිරීමට කැබිනට් උප කමිටුව, විශේෂඥ කමිටුවක් පත් කර ඇති බව ද ඒ මහතා කීය. ප‍්‍රතිත‍්‍රස්ත පනත මුළුමනින්ම අහෝසි කිරීමට මුලින් යෝජනා කර තිබුණු නමුත් කිසිදු රටක් ප‍්‍රතිත‍්‍රස්ත පනතක් නොමැතිව පවත්වාගෙන යා නොහැකි බව ද කොළඹගේ මහතා ජනාධිපති කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment