ජී එස් පී සහන ගන්න ධීවර පනතට සංශෝධන

109

ජී. එස්. පී. සහන ලබාගැනීම සඳහා යුරෝපීය කොමිසමේ උපදෙස් මත ධීවර පනත සංශෝධනය කිරීමට පියවර ගෙන ඇත.

ශ‍්‍රී ලංකාවේ මසුන් අපනයනය කරන විශාලතම රාජ්‍යයන් යුරෝපීය කොමිසමට අයත් රටවල් වෙයි. දැනට මෙරටට ලබාදෙන ජී. එස්. පී. සහනය දිගටම ලබාදීම සඳහා වර්තමානයේ පවතින ධීවර පනතේ ඇති නීතිමය ගැටලූ රැුසක් එම රටවල නීති අංශ මගින් ධීවර අමාත්‍යාංශයට පෙන්වා දී ඇත.

ධීවර පනත වසර 40 ක් පමණ පැරණි බැවින් ඒවා නව ජාත්‍යන්තර නීතිරීති වලට අනුව සංශෝධනය වියයුතු බව යුරෝපීය කොමිසමට අයත් රාජ්‍යයන් විසින් ධීවර අමාත්‍යාංශයට පෙන්වා දීමෙන් පසු පනත සංශෝධනය කර ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා සහ රාජ්‍ය ඇමැති කංචන විජේසේකර යන මහත්වරුන්ට ලබාදී ඇත.

දැනට පවතින පනත අනුව ධීවරයන් යම් වැරැුද්දක් කර අධිකරණය මගින් දඬුවමකට ලක්වුවහොත් එය සමථයකට පත්කිරීමේ හැකියාව ඇමැතිවරයාට ඇත. එම වගන්තිය වෙනස් කිරීම ඇතුළු පනතේ සංශෝධන රැසක් මේ අනුව සිදුකළ බව ධීවර අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවැසීය. සංශෝධනය කළ ධීවර පනත යුරෝපීය කොමිසමට හා එහි රාජ්‍යයන් වෙත ඉදිරිපත් කර එහි අනුමැතිය ලැබීමෙන් පසු මෙරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද එම නිලධාරියා කීය.

චමින්ද සිල්වා, අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment