ජුනි උද්ධමනය 54.6% ක් ආහාර උද්ධමනය 80.1% දක්වා ඉහළට

123

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය ඉකුත් ජුනි මාසයේදී සියයට 54.6 ක් දක්වා වාර්තාගත ලෙස ඉහළ ගියේය.

මේ අනුව කොළඹ පාරිභෝගික මිල දර්ශකය ඉකුත් මැයි මස පැවැති ඒකක 195.2 සිට ජුනි මාසයේදී ඒකක 220.2 ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

ආහාර සහ ආහාර නොවන භාණ්ඩවලට අයත් භාණ්ඩවල මිල ගණන්වල සිදුවූ මාසික ඉහළ යෑම මෙයට හේතුවී ඇත.

මේ අනුව ආහාර කාණ්ඩයේ උද්ධමනය මැයි මාසයේ පැවැති සියයට 57.4 සිට ජුනි මාසයේදී සියයට 80.1 දක්වාද, ආහාර නොවන උද්ධමනය මැයි මස වාර්තා වූ සියයට 30.6 සිට ජුනි මාසයේදී සියයට 42.4 දක්වා ද ඉහළ ගොස් තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment