ජුනි මාසයේදී රට රස්සාවලට  27937දෙනෙක් යති

102

මේ වසරේ ජුනි මාසයේ දී පමණක් රැකියා සඳහා 27937 දෙනකු විදේශ ගතවී තිබේ.

ඉන් බහුතරය වූ 18083දෙනකු විදේශ ගතවී ඇත්තේ ස්වයං මාර්ගයෙනි. බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන මාර්ගයෙන් ජුනි මාසයේදී 9854 දෙනෙකු රැකියා සඳහා විදේශගත වී තිබේ.

මේ වසරේ ජනවාරි සිට ජුලි මාසයේ මුල් සතිය දක්වා රැකියා සඳහා විදේශගත වී ඇති සමස්ත ගණන 156179 කි. ස්වයං මාර්ගයෙන් 100767 ක් හා බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන මාර්ගයෙන් 55411 දෙනෙකු ද විදේශ ගතවී තිබේ.

ජනවාරි සිට මේ දක්වා වැඩිම පිරිසක් රැකියා සඳහා විදේශ ගතවී ඇත්තේ කුවේට් රාජ්‍යයට වන අතර, එම ප්‍රමාණය 39216කි. කටාර් රාජ්‍යයට 36229ක් ද, සෞදි අරාබියට 26098ක් ද, දකුණු කොරියාවට 3219ක් ද, ජපානයට 2576ක් ද රැකියා සඳහා පිටත්ව ගොස් ඇත. එසේම ජනවාරි සිට මේ දක්වා වෘත්තිය රැකියා සඳහා 46992 දෙනකු හා සාමාන්‍ය වෘත්තිය රැකියා සඳහා 49923 දෙනෙකු රැකියා සඳහා විදේශ ගතවී ඇති අතර, ගෘහාශ්‍රිත රැකියා සඳහා 38871 දෙනෙකු විදේශ ගතවී තිබේ.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment