ජුනි මාසයේ ඉන්ධන ගෙන්වීමට ඩොලර් මිලියන 444 ක්  සොයා ගැනීම ගැටලුවක් – තවත් ඉන්දීය ණයක් ගන්න සාකච්ඡා

147

ලබන ජුනි මාසය වෙනුවෙන් මෙරටට අවශ්‍ය ඉන්ධන ආනයනය කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබීම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැඩි අර්බුදයකට මැදිවී සිටී.

ඒ වෙනුවෙන් අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 554 ක මුදල් සොයා ගැනීමට නොහැකි වීමෙන් මෙම අර්බුදය ඇතිවී තිබේ.

පසුගිය දිනවල ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඉන්ධන ආනයනයට ලැබුණු මුදලින් ඩොලර් මිලියන සියයක මුදලක් දැනට ඉතිරිව තිබුණද ඉතිරි ඩොලර් මිලියන 444 සොයා ගැනීම මේවන විට ගැටලුවක් වී ඇත. එම මුදල් ලබා ගැනීම සඳහා මහ බැංකු අධිපතිවරයා සමඟ විදුලිබල සහ බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ඊයේ (30දා) විශේෂ සාකච්ඡාවකද නිරත වී තිබිණි. ඇතිවී තිබෙන තත්ත්වය තුළ තවත් ඉන්දීය ණය යෝජනා වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජය අතර මේ වන විට සාකච්ඡා ආරම්භ වී ඇත. එම සාකච්ඡා කඩිනමින් අවසන් වී යම් සහනයක් නොලැබුණහොත් යළිත් වරක් දිගු ඉන්ධන පෝලිම් ඇතිවීම කිසිසේත්ම වළක්වා ගත නොහැකි වනු ඇතැයි ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරීහු සඳහන් කරති.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment