ජුලියස් සීසර්, ඔගස්ටස් සීසර් සහ වාහන සීසර් (1)

1320

(කළුතර දැරියගේ ඛේදනීය මරණය)

හැම අවුරුද්දකම මාර්තු 21 සහ සැප්තැම්බර් 21 යන දෙදින සූර්යයා සමකයට මුදුන් වේ. මේ නිසා සමක ආශ්‍රිත ප්‍රදේශයේ රටවල තාපය ඉහළ යන අතර එම ප්‍රදේශවල පදිංචි මිනිසුන්ගේ ලේ රත්වීමට පටන් ගනී. ගැහැනුන්ගේ ලේ රත්වුණාට චර්යාධර්ම සහ සංස්කෘතික බැමි මගින් එය පාලනය කරගත හැකිය. හැබැයි පිරිමින්ගේ ලේ රත් වූ විට මෝල් අමාරුව නමැති ඉතාම ලාභ සහ පරිහානිගත කාමාග්නියක් ඇවිළීමට පටන්ගනී. මෙය ජීව විද්‍යාත්මකව තහවුරු කළ හැකි නමුදු ඒ පාඩම ලිවීමෙන් අද අප වැළකී සිටින්නේ මේ කතු වැකිය බෙහෙවින් දීර්ඝ විය හැකි බැවිනි. කළුතර ටියුෂන් මාස්ටර් කෙනකු සිසුවියන් 16 කට ලිංගික අතවර කළ බවට පොලිසි දෙකකට පැමිණිලි ලැබී තිබේ. ටියුෂන් පන්තිය ඉවරවී ගෙදර යන ගමන් මගට ඇරලවීම පිණිස සිසුවියක් සිය රියට පටවාගන්නා මේ ගුරු(පින්)පියා වාහනය කැලෑ මණ්ඩියකට ගෙනගොස් සිසුවියට කාම ක්‍රියා සිදුකරමින් ඒවා වීඩියෝ කර තිබේ. බිය සහ ලජ්ජාව නිසා ළමයින් මේ බව හෙළි කරන්නේ නැත. ඊටත් අමතරව මේකා මොන ජාතියේ සතෙක්ද යත් Zoom තාක්ෂණය හරහා පන්ති පවත්වන විට රහස් ප්‍රදේශ නිරාවරණය කරන ලෙස දැරියන්ට කියන බවද දැනගන්නට තිබේ. මේ වනවිට මේ කියන ගණන් ගුරා පළාත අතහැර පැන ගොස් ඇත. මේ දිනවල පොලිසිය ඉතාම වේගවත් බැවින් ඉදිරි දිනවලදී මේකා අත්අඩංගුවට පත්වන අතර පොලිසියේදී බුරියානිත් රිමාන්ඩ් එකේදී චිකන් කොත්තුත් ඔහුට ලැබෙනවා ඇත. මෙබඳුම ලේ රත් වීමක් වෙසක් දවසේදී ඛේදවාචකයකින් නිමවිය. ඒ වූකලී 16 හැවිරිදි සිසුවියකගේ නිරුවත් සිරුරක් කළුතර ලැගුම් හලක් අයිනේ රේල් පාරක තිබී හමුවීමය. මේ කතාව මේ වනවිට මුළු රටම දන්නා බැවින් මූලික විස්තරය ඉතා කෙටියෙන් කියමු. මේ කියන දැරිය වෙසක් පොහෝ දවසේදී දන්සලකට යන බව කියමින් සිය මිතුරියක සමග නික්ම ගියාය. ඇය කිසිවිටකත් දන්සලට නොගිය අතර සිය මිතුරියත් ඇගේ පෙම්වතාත් ජීවිතයේ කිසි කලෙකත් නොදුටු වාහන සීසර් කෙනකුත් සමග හෝටලේකට රිංගුවා ය. එහිදී මේ හතර දෙනාම මත්පැන් පානයකොට හෝටලේ කාමර දෙකකට ගියහ. දැරිය කාමරේට යන්නේ නාඳුනන පුද්ගලයා සමග ය. ඒ සමගම කාමරේට ගිය දැරියගේ මිතුරිය සහ ඇගේ පෙම්වතා කල්තබාම වැඩකටයුතු ඉවර කරගෙන හෝටලයෙන් නික්ම ගියහ. ඉන්පසු දැරිය නිරුවතින්ම හෝටලයේ තුන්වන මහලේ වූ කාමරයේ ජනේලයෙන් බිමට පැන්නාය. ධනුෂ්ක ගයාන් සහබන්දු නමැති 29 හැවිරිදි සීසර් පෙම්වතා කියන පරිදි ඔහු දැරිය සමග කිසිම ලිංගික සම්බන්ධයක් පවත්වා නැත. ඔහුත් දැරියත් හොඳටම මත්පැන් පානය කර සිටි අතර කාමරයේදී නිරුවත් වූහ. ඒ අතර දැරියට දුරකතන ඇමතුමක් ලැබිණ. එයට කුණුහරුපයෙන් උත්තර දුන් දැරිය දැන් ඉතින් ගෙදර ගිහින් ඉවරයි යැයි කියමින් ජනේලයෙන් බිමට පැන්නාය. දැරියගේ ක්ෂණික පෙම්වතා වන සීසර් ඇඟේ පළාතක්ම වැසෙන සේ පච්ච කොටාගත් විශාල පුද්ගලයෙකි. ඔහු මීට කලින් විවාහ දෙකක් කරගෙන ඇති අතර ඔහුට දරුවන් දෙදෙනකු සිටින බවද කියනු ලැබේ. ඔහු ඉදිරි දින කිහිපය ඇතුළතදී බෝට්ටුවකින් රටින් පැන යෑමට සූදානමින් සිටි බවද කියනු ලැබේ. ඒ අතර මේ මරණය කෙසේ වීද යන බවට පහත සඳහන්, සැකකළ යුතු මත කිහිපය ඉදිරිපත් කළ හැකිය. එනම්,

  1. ඇඟ පුරා පච්ච කොටාගත් සීසර් වෙරිමරගාතේම නිරුවත් දැරිය බිමට තල්ලු කළ බව.
  2. වෙරිමරගාතේ සිටින පච්චකොටාගත් නිරුවත් යෝධයා දැකීමෙන් බියපත්ව දැරිය බිමට පැන්න බව.
  3. බෝට්ටුවෙන් රටින් පැන යෑමට සිටින සීසර් විසින් දැරිය දූෂණය කරනු ලැබූ නිසා එයින් හටගත් කම්පනය මත දැරිය ජනේලයෙන් බිමට පැන්න බව.
  4. තමන්ට පැමිණි දුරකතන ඇමතුම නිසා මහත්සේ බියට පත් දැරිය අද නම් ගෙදර ගිහින් ඉවරයි යැයි කියමින් ජනේලයෙන් බිමට පැන්න බව.

මෙහිදී සැකකරු විසින් දැරිය දූෂණය කළේය යන මතය තාවකාලිකව පැත්තකට කළ හැකිය. එයට හේතුව නිරුවතින් හුළං වැදි වැදී හිටියා මිස දැරිය සමග තමා ශාරීරික සම්බන්ධයක් නොපැවැත්වූ බව විත්තිකරු විසින් ප්‍රකාශ කරනු ලැබීමය. එසේ නම් අප වැඩි අවධානය යොමුකළ යුත්තේ දැරියට අවසන් වරට පැමිණි දුරකතන ඇමතුම ගැනය. ඒ සම්බන්ධයෙන්ද මත කිහිපයක් ගොඩනැගිය හැක.

  1. දැරිය සීසර් සමග හෝටලේට රිංගන බව දුටු කිසියම් පුද්ගලයකු ඒ බව දැරියගේ ගෙදරට දන්වන්නෙමැයි කියමින් තර්ජනය කිරීම. දැරිය කුණුහරුපයෙන් බණින්නේ එවිටය.
  2. දැරිය හෝටලේකට රිංගූ බව ආරංචි වූ ඇගේ සමීපතම ඥාතියෙක් හෝ පුද්ගලයෙක් ඒ බව කියා දැරියට බැණ වැදීම. දැරිය කුණුහරුප කියන්නේ එවිට විය හැකිය.

මෙතැනදී පැන නගින මීළඟ සැකය නම් නිරුවත් දැරිය ජනේලයෙන් පනින තෙක් සීසර් බලා සිටියේ මන්ද යන කාරණය ය. සීසර් කෙනකු යනු ඉතාම දුෂ්ට මිනිසෙකි. ඇතැම් සීසර්ලා වාහන පැහැරගන්නා විට එහි සිටින කුඩා දරුවන්ගේ ගෙල පවා කරකවති. වාහන හිමියාට බිමදමාගෙන පහරදෙති. කිසියම් හිංසාවක් හෝ අවදානමක් ප්‍රවර්ධනය කරනවා මිස එය වැළැක්වීමට සීසර්ලා තුළ පුරුද්දක් නැත. ඉතිහාසයේ සිටි ජුලියස් සීසර් සහ ඔගස්ටස් සීසර් යන දෙදෙනාමත් මේ ගතිගුණ සහිතව රටවල් පාලනය කළ අය වෙති. දැරිය ජනේලයෙන් පනින්නට සූදානම් වනවා දුටු වෙරිමරගාතේ සිටි සීසර්ට පෙනෙන්නට ඇත්තේ වාරික ගෙවීමට බැරිවූ වාහන හිමියකු ජනේලයකින් පැන දුවන්නට හදනවාක් වැනි දර්ශනයක් වත්ද? කෙසේ වුවද මේ සියලු කාරණාවලින් සිදුවන්නේ පවුලකට ආලෝකය සැපයූ පහනක් බඳු සුන්දර යුවතියක් මිය යෑමය.

ඉතිරි කොටස හෙට…

advertistmentadvertistment
advertistmentadvertistment