ජුලි 31 දාට පෙර අවුරුදු 30 ට වැඩි බස්නාහිර සැමට එන්නත දෙන්න

105

වයස අවුරුදු 30 ට වැඩි බස්නාහිර පළාතේ සියලූ දෙනාට ජූලි 31දා ට පෙර එන්නත ලබා දී අවසන් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සෞඛ්‍ය අංශ වෙත දැනුම් දුන්නේය. මේ වන විට කොළඹ දිස්ත‍්‍රික්කයේ මෙම වයස් කාණ්ඩයේ 60% කටත්, ගම්පහ 47% කට සහ කළුතර 34% කට පළමු මාත‍්‍රාව ලබා දී තිබේ.
 
 ඇනවුම් සම්පූර්ණ කර ඇති එන්නත් ලැබීමත් සමඟ විධිමත් සැලැස්මක් යටතේ සැප්තැම්බර් මසට පෙර දිවයිනේ සියලූ ප‍්‍රදේශවල ඉහළ ප‍්‍රතිශතයකට එන්නත ලබා දීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
 
 එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඞ් මර්දන විශේෂ කමිටුව සමඟ ඊයේ (02 දා* පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවේදී ජනාධිපතිවරයා විසින් මෙම උපදෙස් දෙනු ලැබිණ.
 
 දෙවන මාත‍්‍රාව සඳහා අවශ්‍ය ඇස්ට‍්‍රාසෙනිකා එන්නත් ප‍්‍රමාණය ඉක්මණින් ලැබෙනු ඇතැයි ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය. ඒ අනුව ඇස්ට‍්‍රාසෙනිකා එන්නත ලබාගෙන ඇති සියලූ දෙනාට එහි දෙවන මාත‍්‍රාව විධිමත් ආකාරයෙන් ලබා දීමට සැලසුම් කරන්නැයි ද ජනාධිපතිවරයා සෞඛ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
 
 ඇස්ට‍්‍රාසෙනිකා එන්නත ලබාගත් අයෙකුට සති 45 යනතෙක් එහි දෙවන මාත‍්‍රාව ලබා ගැනීමේ හැකියාව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇතැයි කොවිඞ් මර්දන විශේෂ කමිටුවේ සාමාජික විශේෂඥ වෛi ප‍්‍රසන්න ගුණසේන මහතා පෙන්වා දුන්නේය.
 
 පසුගිය සඳුදා සිට රෝහල් තුළදී එන්නත්කරණය ඇරඹීමත් සමඟ ඉතා කෙටි කාලයකදී විශාල පිරිසකට කොවිඞ් එන්නත ලබාදීමට හැකි වී තිබේ. දිවයින පුරා එම ක‍්‍රමවේදය අඛණ්ඩව ක‍්‍රියාත්මක කිරීමට ද පියවර ගෙන ඇත.
 
 අමාත්‍යවරුන් වන පවිත‍්‍රා වන්නිආරච්චි, ගාමිණී ලොකුගේ, බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලූත්ගමගේ, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, රමේෂ් පතිරණ, නාමල් රාජපක්‍ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මධුර විතානගේ, ජනාධිපති ප‍්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් (විශ‍්‍රාමික* මේජර් ජෙනරාල් විශේෂඥ වෛi සංජීව මුණසිංහ යන මහත්ම මහත්මීහු, නාවික හා ගුවන් හමුදාපතිවරු, පොලිස්පති සහ සෞඛ්‍ය අංශ ප‍්‍රධානීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment