ජූඩෝ ශූර චාමරට ඔලිම්පික් වරම්

280

ජූඩෝ ක‍්‍රීඩක චාමර නුවන් ධර්මවර්ධන 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කිරීම සඳහා වරම් ලබා ඇත.

ඒ අනුව 2020 ටෝකියෝ ඔලිම්පික් උලෙල සඳහා ශ‍්‍රී ලංකාව වෙනුවෙන් සුදුසුකම් ලැබූ 5 වැනි ක‍්‍රීඩකයා බවට චාමර නුවන් පත්වේ.

චාමර නුවන් ඔලිම්පික් උළෙලක් සඳහා සුදුසුකම් ලැබූ දෙවැනි අවස්ථාව මෙය වන අතර ඔහු මීට පෙර 2016 රියෝ ඔලිම්පික් උළෙල ද නියෝජනය කළේය.

2018 වසරේදී යුරෝපා ජූඩෝ ශූරතාවලියේදී රන්

පදක්කමක් ජයග‍්‍රහණය කිරීමට සමත් වූ චාමර නුවන් දකුණු ආසියානු මට්ටමින් ද ශ‍්‍රී ලංකාවට පදක්කම් රැුසක් ගෙන දුන් ක‍්‍රීඩකයෙකි. ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ජූඩෝ කණ්ඩායම නියෝජඩනය කරන චාමර 28 හැවිරිදි වියේ පසුවේ. චාමරට පෙර ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ටෝකියෝ 2020 ඔලිම්පික් වරම් දිනා ගැනීමට මැටිල්ඩා කාල්සන්, නිලූක කරුණාරත්න ටෙහානි එගොඩවෙල සහ මිල්කා ගිහානි යන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සමත් වූහ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment