ජූනි 1දා සිට පාස්පෝට් ඔන්ලයින් ක්‍රමයට

463

ලබන මස 01 වැනිදා සිට විදේශ ගමන් බලපත්‍ර ඔන්ලයින් ක්‍රමයට නිකුත් කිරීමට සියලු කටයුතු සකස් කර අවසන් බව ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා ‘දිවයින’ ට පැවැසීය.

ඒ අනුව ඕනෑම අයකුට ඔන්ලයින් මගින් අයදුම්පත පුරවා ඡායාරූප හා අනෙකුත් අවශ්‍ය ලියකියවිලි නවීන තාක්‍ෂණය ඔස්සේ ආගමන විගමන දෙපාර්තමේන්තුවට එවූ පසු තැපෑලෙන් නිවසටම විදේශ ගමන් බලපත්‍ර එවන බවද ඒ මහතා කීය.

මෙම ක්‍රමවේදය සකසන තුරු දැනට දින වෙන්කර ගෙන සිටින අය පමණක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණිය යුතුව ඇතැයි ද ඒ මහතා කීය.

නවීන තාක්‍ෂණය ඔස්සේ ක්‍රියාත්මක කර ‘ඔන්ලයින්’ මගින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී දැනට සිදුවන සියලු වර්ගයේ අක්‍රමිකතා ද නතර වනු ඇතැයි ඒ මහතා කියා සිටියේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment