ජූලියන් බෝලින්ගෙන් සහ ජොනතන්ගෙන්  සී.අයි.ඩීය ප්‍රශ්න කරයි

200

පිහිනුම් ශූර ජූලියන් බෝලිං සහ ප්‍රකට ව්‍යාපාරිකයකු වන ජොනතන් මාර්ටෙන් ස්ටයින් යන මහත්වරුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව ඊයේ (17 දා) ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත.

ඉකුත් ජූලි 09 වැනිදා කොළඹ පැවති කලබලකාරී සිද්ධීන් අතරතුරදී එවකට අගමැති වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර තිබිණි.

මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත ජූලියන් බෝලිං සහ ව්‍යාපාරිකයා කැඳවා ඔවුන්ගෙන් ප්‍රශ්න කරන බව පොලිස් මූලස්ථානය පැවසීය.

ඊයේ පෙරවරු 9.00 ට පමණ බෝලිං සහ ව්‍යාපාරික ජොනතන් යන මහත්වරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර දහවල් වනතුරු ඒ මහත්වරුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

හේමන්ත රන්දුණු
 

advertistmentadvertistment
advertistmentadvertistment