ජූලි 1 දා සිට බස් ගාස්තු ඉහළ දමනවා – ජාතික ගමනාගමන කොමිසම

127

ලබන මස (ජූලි 01) වැනිදා සිට බස් ගාස්තු ඉහළ දැමීමට නියමිත බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා ‘දිවයින’ ට පැවසීය.

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජූලි මස 01 වැනිදාට යෙදී තිබීම නිසා ඉන්ධන මිල ඉහළ යෑම, අමතර කොටස් මිල සහ ඩොලරයේ අගය ඉහළ යෑම වැනි කරුණු ගැන අවධානය යොමුකරමින් සිටින බව ද හෙතෙම කීය.

ප්‍රවාහන අමාත්‍යවරයා හා බස් සමාගම් අතර හෙට (28 වැනිදා) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව ද ඒ මහතා කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment