ජූහි චං රනිල් ආවාම වැඩිය කලබල කරන්නේ නැහැ – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ

603

ත්‍රස්ත පනත සම්මත වුණොත් වැඩකරන ජනතාවට මැරෙන තුරු වැඩ පමණයි – උදය ගම්මන්පිල

විද්දෙ පඳුරට වැදුණේ හාවට. ජූහි චංට ටොක්ක අනින කොට උයිය වෙන්නේ ටිං ටිංට. ජූහි චංට ටොක්ක අනින කොට උයිය වෙන්නේ චම්පිකට. සරත් ෆොන්සේකාට. ඒ තමයි එයාගේ නියම ගෝලයෝ ටික. ජූහි චංගේ ප්‍රශ්න ටික. මොන ප්‍රශ්න ද කියලා මම කියන්නේ නැහැ. ඒක තමයි රෙජිමි චෙන්ජ් කරන විදිය.

සැලසුම තිබුණේ කථානායක කමත් කරගෙන දේශීය විදේශීය නියෝජිතයන් සහිත අන්තර් පාලනයක් පිහිටුවන්න. ෆොන්සේකාට උයිය ගියේ එයත් ඒ මණ්ඩලයට ගන්න හිටපු කෙනෙක් නිසා.

මේක තමයි අලුත් විදිය. ඉන්දු – පැසිපික් කලාපය පාලනය කිරීමට නම් රැකගන්න ඕනී හොඳම තැන තමයි මෙතන. මෙතන තමයි අත්පත් කර ගන්න ඕනී තැන. මෙතැනට නොපෙනී එක නැවකට යන්න බැහැ.

එක්කෝ මෙතන ඔවුන්ගේ රූකඩයක් මෙතන ඉන්න ඕනි. නැති නම් හයිටිය වගේ මේ රටත් මළ රාජ්‍යයක් බවට පත් කරන්න ඕනී.

ජුහි චං රනිල් ආවාට වැඩිය කලබල කරන්නේ නැහැ. රනිල් ජනාධිපති වූවාට පසුවත් ටොරිකා ගූලන් ආවයින් පසුව පෙබරවාරි 14 ස්පෙෂල් ඇමරිකන් මිෂන් එකක් ආවා. සී. අයි. ඒ. ප්‍රධානියා සහ මෙම කලාපය භාර ප්‍රධානියා ඇතුළු 20 ක් එම කණ්ඩායමට අයත් වූවා. ඔවුන් කොළඹ ඇවිත් ජනාධිපති, ආරක්ෂක ලේකම් සහ රාජ්‍ය බුද්ධි ප්‍රධානියා හමුවූවා. ඉල්ලීම් 4 ක් ඉදිරිපත් කළා. 3 කට කැමති වූවා. ඒ නිසා තමයි දැන් ජුහි චං නිහඬ වෙලා ඉන්නේ. ඒ නිසා තමයි ජුහි චංගේ පැටව් ටික විපක්ෂයේ සිට ගමන හරි කියලා කියන්නේ.

උත්තර ලංකා සභාගයේ උප සභාපති පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා-

අසනීපයෙන් සිටියත් මෙම රැළිය අමතා කතා කරන්න මම තීරණය කළේ සමහර විට මේ අපට කතා කරන්න ලැබෙන අවසාන අවස්ථාව විය හැකි නිසා. ආණ්ඩුව ත්‍රස්ත විරෝධි පනත නමින් ගෙන ඇති පනත සම්මත වුවහොත් විපක්‍ෂයක් ඉතිරි වන්නේ නැහැ. මාධ්‍යයන් ඉතිරි වන්නේ නැහැ. මාධ්‍යවේදීන් සියලු දෙනාම ත්‍රස්තවාදීන් වෙනවා. මේ රටේ වෘත්තීය සමිති ඉතිරි වන්නේ නැහැ. සියලුම වෘත්තීය සමිති නායකයන් ත්‍රස්තවාදීන් වෙනවා. මේ පනත සම්මත වුවහොත් ඉතිරි වන්නේ ආණ්ඩුව සිහින පමණයි.

මේ ඊනියා ත්‍රස්ත විරෝධී පනත සම්මත වුවහොත් ඉතිරි වන්නේ සුවච කීකරු වන්දිභට්ට මාධ්‍ය කලාවක් පමණයි. මෙම පනතේ අපූරුම දේ තිබෙන්නේ එහි 82 වන වගන්තියේ. එම පනතේ තිබෙනවා යම් සංවිධානයක් ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් කියලා ජනාධිපතිතුමාට හිතෙනවා නම් එය තහනම් කළ හැකි බව. ඒ සඳහා කිසිදු විමර්ශනයක් සාක්‍ෂියක් අවශ්‍ය වන්නේ නැහැ.

අද මෙතන ඉන්න වැඩකරන ජනතාවටත් හොඳට සලකලා තිබෙනවා. ජනාධිපතිතුමාට පුළුවන් ඕනෑම සේවාවක් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරන්න. එම අත්‍යවශ්‍ය සේවාවට යම් බාධාවක් කරනවා නම් ඔහු ත්‍රස්තවාදියෙක් වෙනවා. එම නිසා මෙම පනත සම්මත වුවහොත් වැඩකරන ජනතාවට සිද්ධ වෙන්නේ මැරෙන තුරු වැඩකරන ජනතාවට වැඩ කිරීම පමණයි. මෙවැනි අමානුෂික පනතක් ලංකා ඉතිහාසයේ කවදාවත් ගෙනත් නැහැ.

එම නිසා මෙම පනතට අපි විරුද්ධයි. ඒ වගේම රටට අලුතින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතක් අවශ්‍ය බවත් අපි පිළිගන්නවා. නමුත් ත්‍රස්තවාදීන් මර්දනය කිරීමේ මුවාවෙන් ආණ්ඩුවට විරුද්ධ මත දරන අය මර්දනය කිරීමට ගෙන එන මෙම පනතට අපි සම්පූර්ණයෙන්ම එරෙහි විය යුතුයි.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා උත්තර ලංකා සභාගයේ ජාතික සංවිධායක

මේ අවස්ථාව වනවිට අප හමුවේ වැදගත් කාරණා හතරක් තිබෙනවා. එකක් තමයි ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම, දෙවන කාරණය තමයි මාතෘ භූමියේ ස්වෛරීභාවය රැක ගැනීම, අනෙක් කාරණය ගොවි කම්කරු ජනතාව අන්ත දුගීභාවයෙන් මුදා ගැනීම, හතර වන කාරණය තමයි මේ රටේ නීතියේ ආධිපත්‍ය රැක ගැනීම එයත් ප්‍රජාතන්ත්‍රවාදයේ කොටසක්.

ඒ වගේම මේ රට එක්සත් කරන්න ඕනී. අපේ රටේ එක්සත්කමක් නොමැතිවිට විදේශිකයන් මේ රටට කඩා වදින එක කිසිදාක වළක්වන්න බැහැ. අපේ රටේ කිසිම ජන කොටසකට විදේශිකයන්ගේ ඔත්තුකාරයන් වෙන්න දෙන්න බැහැ. ඒ නිසා අපේ ස්වදේශීය උරුමය රැක ගන්න මේ රටේ සියලු ජන කොටස් එක්සත් කරන්න ඕනී. ඒ සියලු දෙනා සමගම වෙන්වීමේ අයිතියෙන් තොරව, බෙදීමේ අදහසකින් තොරව එක්සත්කම වෙනුවෙන් සම්පූර්ණ සමානාත්මභාවය දෙන්න අපි සූදානම් කියලා මේ රැස්වීමේදී ප්‍රබලවම කියන්න ඕනී.

දැන් මම දිවයින පත්තරේට, නැති නම් අයිලන්ඩ් පත්තරයට යනවා. එහි අපූරු කාටුන් එකක් තිබුණා. මම අයි. එම්. එෆ්. එක ගැන කියපු ඔක්කොම එම කාටුනයේ තිබුණා. එම කාටුන් එකේ අයි. එම්. එෆ්. තඩියා කැහැටු රනිල්ගේ කරපිට නැගලා සිටිනවා. රනිල් නැගලා සිටිනවා අපේ පොදු ජනතාවගේ කරපිට. ඩොලර්වලින් ගනුදෙනු නොකරන රටවල් වැඩි වෙනවා. අද එම තත්ත්වය එන්න එන්නම වැඩි වෙනවා. විමල් වීරවංශ සහෝදරයා සොයා ගත්තා දැන් මිලට වඩා 30% ක් අඩුවෙන් තෙල් මිලදී ගන්න අවස්ථාවක්. නමුත් ඩොලර්වලින් ගනුදෙනු කළ නොහැකි නිසා එම අවස්ථාව අහිමි කළා.
එරික් ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment