ජෙරම් ගැන සීඅයිඩීයට පැමිණිල්ලක්

227

තමන් දිවැසිවරයෙකු යැයි ප්‍රකාශ කරගන්නා ජෙරොම් ප්‍රනාන්දු නමැති පුද්ගලයකු විසින් බුදුරජාණන් වහන්සේට සහ බුදු දහමට සහ.අනෙකුත් ආගම්වලට අපහාස වන අන්දමින් සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස වූ පැමිණිල්ලක් පිවිතුරු හෙළ උරුමයේ ප්‍රචාරක ලේකම් ඉරංග විද්වත් මෙන්ඩිස් මහතා විසින් ඊයේ (15 දා) කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලදි.

එම අවස්ථාව සඳහා පක්‍ෂයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් උපුල් කෝණාර, නැගෙනහිර කොළඹ ආසන සංවිධායක සරත් ඩයස් සහ උතුරු කොළඹ ආසන සංවිධායක මංජුල නිස්සංක යන මහත්වරුන් ද සහභාගි විය.

ජෙරම් නමැත්තාගේ ප්‍රකාශය 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත උල්ලංඝනය කරමින් ජාතීන් හා ආගම් අතර ගැටුම් ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් බව ද එය දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව ද ඔවුන් කළ පැමිණිල්ලේ දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment