ජෙරොම්ට ධනය ලැබුණු හැටි සොයන්න – ඕමල්පේ සෝභිත හිමි

154

දේවගැති ජෙරොම් ප්‍රනාන්දුගේ ධනස්කන්ධය ඔහුට ලැබුණු ආකාරය පිළිබඳව සොයා බැලීමෙන් ඔහු ජාත්‍යන්තර කුමන්ත්‍රණයක කොටස්කරුවකු දැයි සනාථකර ගත හැකි බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

මේ සඳහා බුද්ධි අංශ මගින් පරීක්‍ෂණ ආරම්භ කළ යුතු බවද බුදුන් වහන්සේ පිළිබඳව විකෘති අර්ථකථන ඉදිරිපත් කරමින් ජෙරොම් ප්‍රනාන්දු බුදුදහමට විශාල අනර්ථයක් සිදුකර ඇති බැවින් ඒ පිළිබඳව නිසි නීති ක්‍රියාමාර්ග ගත යුතු බවද උන්වහන්සේ කියා සිටියහ.

බෞද්ධ විරෝධී කටයුතු කරන සහ ප්‍රකාශ කරන මිථ්‍යා දෘෂ්ටිකයන්ට එරෙහිව බලෙන් වෙනත් ආගම්වලට හැරවීමට එරෙහි පනත වහාම ගෙන ආ යුතු බවද උන්වහන්සේ සඳහන් කළහ. පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ මෙම අදහස් පළ කළහ.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment