ජෙෆ්රි බාවා ගේ නිර්මාණ ප්‍රදර්ශනයක් නවදිල්ලියේ දී

103

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ හැත්තෑ පස් වැනි සංවත්සරය සැමරේ. එහි එක පියවරක් වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගෘහ නිර්මාණ ශිල්පී දිවංගත ජෙෆ්රි බාවා මහතාගේ නිර්මාණ ප්‍රදර්ශනයක් නවදිල්ලියේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. ඉන්දියාවේ, ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ඉන්දීය රජය, ඉන්දියාවේ සංස්කෘතික අමාත්‍යාංශය, නවදිල්ලියේ පිහිටි නූතන කලා නිර්මාණ ගැලරිය හා ජෙෆ්රි බාවා භාරය යන අංශ අතර එකමුතුවකින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබේ.

ලබන මාර්තු 17 වැනි දා පස්වරුවේ ප්‍රදර්ශනය නිල වශයෙන් විවෘත කෙරේ. නවදිල්ලියේ ස්ථාපිත විදේශ දූත මණ්ඩලවල තානාපතිවරු හා මහ කොමසාරිස්වරු ඇතුළු ඉන්දීය රජයේ ප්‍රධානීන් හත්සියයකට මෙම අවස්ථාවට ඇරයුම් කර ඇත. ප්‍රදර්ශනය මාස දෙකක කාලයක් අඛණ්ඩව පැවැත්වේ. සංස්කෘතික හා ගෘහ නිර්මාණ ශිල්පයේ ශ්‍රී ලාංකේය අනන්‍යතා මෙම ප්‍රදර්ශනයේ දී විදහා දැක්වෙනු ඇත. ප්‍රදර්ශන භාණ්ඩ නවදිල්ලියට ගුවන් මගින් රැගෙන එන සහ මාස දෙකක කාලයක් ප්‍රදර්ශනය කර ආපසු යැවීම දක්වා සියලු කටයුතුවලට රජයේ මුදල් වැය නොකරන අතර සියලුම කටයුතු සඳහා අනුග්‍රාහක ප්‍රතිපාදන ලබාගැනීමට මහ කොමසාරිස් කාර්යාල සමත්ව ඇත.

ජෙෆ්රි බාවා ගේ නිර්මාණ ප්‍රදර්ශනයක් නවදිල්ලියේ දී

දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල හැත්තෑ පස් වැනි සංවත්සරය සැමරීම සඳහා මහ කොමසාරිස් කාර්යාලය විසින් ක්‍රියාකාරකම් මාලාවක් සැලසුම් කර ඇති අතර සුප්‍රකට ඉන්දීය ලේඛක ජයිරාම් රමේෂ්ගේ ‘ආසියාවේ ආලෝකය’ කෘතිය මෙම ක්‍රියාකාරකම්වල පළමුවැන්න ලෙස එළිදැක්වුණු අතර එය රාජ්‍ය සම්මාන හිමිකරගත් ප්‍රවීන ලේඛක සහ නවදිල්ලියේ මහ කොමසාරිස් කාර්යාලයේ, නියෝජ්‍ය මහ කොමසාරිස් නිලූක කදුරුගමුව මහතාගේ පරිවර්තනයකි.

advertistmentadvertistment
advertistmentadvertistment