ජේසන් රෝයිට තරග තහනමක් සමගින් දඩයක්

365

එංගලන්ත සුපිරි පිතිකරු ජේසන් රෝයි හට මාස 12කට අත්හිටවූ තරග දෙකක තරග තහනමක් සහ පවුම් 2500ක දඩයක් නියම කිරීමට එංගලන්ත කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබේ.

 ජේසන් රෝයි හට මෙලෙස දඩ සහ තරග තහනමක් පැනවීමට හේතුවූ කරුණ කුමක්ද යන්න එරට කි‍්‍රකට් ආයතනය පැහැදිලි නිවේදනයක් නිකුත් කර නොමැති අතර කි‍්‍රකට් කී‍්‍රඩාවට අගතියක් විය හැකි හෝ කි‍්‍රකට් කී‍්‍රඩාව, එංගලන්ත කි‍්‍රකට් පාලක මණ්ඩලය සහ තමන් අපකීර්තියට පත්විය හැකි ආකාරයේ හැසිරීමේ චෝදනාව ඔහු විසින් පිළිගත් බවට පමණක් එංගලන්ත කි‍්‍රකට් ආයතනය නිවේදනය කර තිබේ.

 වරද පිළිගැනීම සහ යහපත් කල්කි‍්‍රයාව හේතුවෙන් තරග තහනම මාස 12කට අත්හිටවූ බවත් එය තරග දෙකකට පමණක් සීමාවන බවත් එංගලන්ත කි‍්‍රකට් ආයතනය වැඩිදුරටත් නිවේදනය කර සිටී. ජේසන් රෝයි ආරම්භ වීමට නියමිත ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලිය සඳහා කී‍්‍රඩා කිරීමටද නියමිතව සිටි අතර එහෙත් එම තරගාවලියෙන්ද ඉවත්වීමට ඔහු පසුගියදා තීරණය කර තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment