ජොකොවික්ගේ සිහින බිඳ දැමූ ඩැනිල් ටෙනිස් ශූරයා වෙයි

197

‘මේ කතාව මම මීට කලින් කියලා නෑ තමයි. ඒත් මේ යුගයේ හොඳම ටෙනිස් කී‍්‍රඩකයා ඔබයි නොවැක්…’ ලෙස රුසියාවේ ඩැනිල් මෙඞ්වෙඞ්ව් කී‍්‍රඩකයා ඇමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවය ජයග‍්‍රහණය කිරීමෙන් පසුව ඊයේ (13 දා* ප‍්‍රකාශ කළේය.

ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් ශූරතා 21 ක් ජය ගනිමින් වැඩිම ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් ශූරයා වීමේ වාර්තාව හඹා ගිය සර්බියාවේ නොවැක් ජොකොවික්ගේ බලාපොරොත්තු බිඳ දැමීමට ඩැනිල් මෙඞ්වෙඩෙව් ඊයේ සමත් විණි. තරග වට 3-0 ක් ලෙස ජොවැක්ව පරාද කළ ඩැනිල් ලද පළමු ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාවය මෙය වේ.

ලොව අංක එකේ ටෙනිස් කී‍්‍රඩකයා වන ජොකොවික් මේ වසර තුළ ඔස්ටේ‍්‍රලියා විවෘත, ප‍්‍රංශ විවෘත සහ විම්බල්ඩන් ටෙනිස් ශූරතා ජයග‍්‍රහණය කර වසරක් තුළ ටෙනිස් ශූරතා 4 ක් ජයග‍්‍රහණය කිරීම පිණිස තරග වැදුනත් අවසන් මහ තරගයේදී ඩැනිල් හමුවේ ඔහු පරාජය ලැබීය.

ඩැනිල් මේ වන විට 25 හැවිරිදි වියේ පසුවන අතර ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් ශූරතාවයක අවසන් තරගයට සුදුසුකම් ලැබූ තෙවැනි අවස්ථාව මෙය විය.

advertistmentadvertistment
advertistmentadvertistment