ජොගිං ට‍්‍රැක් එකක් හැදූ නරියා !

235

එක්තරා වනාන්තර රාජ්‍යයක ප‍්‍රාන්ත පාලකයෙක් වූ නරියෙක් මධ්‍යම ආණ්ඩුවෙන් ලැබුනා වූ මූල්‍ය ප‍්‍රතිපාදන තමන්ගේ අතටත් සම්තිං එකක් විදිහට සංවර්ධනය යැයි කියන්න පුළුවන් වැඩකට යොදවන්නේ කොහොමද කියා කල්පනා කරමින් සිටියා.

මේ නරින්ද්‍රයාගේ වයිෆ් කාරයා හස්බන්ඩා කල්පනා කරමින් ඉන්නවා දැකලා මොකද අනේ ඔළුව අප්සට් ඇරගන්නද ඔහොම කල්පනා කරන්නේ කියලා ඇහුවා.

මෙහෙමනේ ඩාලිං මේ ! පළාත සංවර්ධනය කරන්න කියලා මධ්‍යම ආණ්ඩුවෙන් හොඳ ගාණක් පාස්වෙලා තියෙනවා ! මං මේ කල්පනා කෙරුවේ මේ මුදල් වලින් මොනවාද කරන්නේ කියලා !

අයියෝ ඔය සල්ලි වලින් කරන්න දේවල්ද නැත්තේ දාන්ඩකෝ මේ වනාන්තරයේ ඉන්න හැමෝගේම හෙල්ත් එක බූස්ට් අප් කරන්න නියම ජොගිං ට‍්‍රැක් එකක් කොහෙද දාන්නේ?

අයියෝ මේ කෑලෑවේ ඉඩද නැත්තේ.

ඒවා එහෙම ඕනෑ ඕනෑ විදිහට පාවිච්චි කරන්න බෑ ! වන සංරක්ෂණ අණ පනත් නීති රෙගුලාසිවලට අනුකූල වෙන්න ඕනෑ….

වන සත්ව හා වෘක්ෂලතා පනත් වලට එකඟ වෙන්න ඕන එහෙම නැතුව ඔය කියන කියන විදිහට මේ කැලෑව පාවිච්චි කරන්න
බෑ !

අනේ… ඔයා දන්න කෙහෙල්මල ! ඔයාට තමයි ඔය නිතී ඔක්කොම.

එහෙනම් කොහොමද ඔය පිට වනාන්තරවල එවුන්ට හැක්ටෙයාර සිය ගණන් අවුරුදු හැටට හැත්තෑවට බදු දෙන්නේ.

අපිට වැඩ කරන්න පුළුවන් අපේ කැපෑසිටි එකේ ඉඳලා !

හරි මං කියන්නද ඔය කැලෑ අණපනත්වලට වන සත්ව වෘක්ෂලතා පනත්වලට යටත් වෙන්න නැති තැනත් !

දාන්නකෝ ඔය ජොගින් ට‍්‍රැක් එක අර සිංහබාහු රජ්ජුරුවෝ හදලා තියෙන බාහු සමුද්‍රයේ වැව් බැම්මේ!

හරිනේ ඔයාගේ මොළේ තමා මොළේ පටන් ගම්මු ජොගින් ට‍්‍රැක් වැඬේ එතනින් !

හැබැයි බැම්මට හානි වෙනවා කියලා විරෝධතා එයිද දන්නේ නෑ!

එහෙම අවොත් එන්නේ පූජ්‍ය පක්ෂයෙන් තමා ඒකනම් ප‍්‍රශ්නයක් නෑ. කෑ ගහන උන්නාන්සේලාට වාහන පර්මිට් එකක් දුන්නානම් නැත්තං පිටරට ටුවර් එකක් දුන්නා නම් ඒ වැඬේ ෂේප් කරගන්න පුළුවන් !

වයිෆ් කරායාගේ ඔපිනියන් එක අනුව නරියා වැඬේට බැස්සා ! කිව්වත් වගේම ජොගින් පාක් එක දාන්න පලවෙනි පස් පිඩැල්ල කපන කොටම හතර අතෙන් විරෝධතා එන්න පටන් ගත්තා ! නරින්ද්‍රයා කිව්වා ඔහොම තමා වනාන්තරයට සත්ව සංහතියට සෙතක් යහපතක් කරන්න හදන කොට හැමදාමත් ප‍්‍රතිගාමි අන්තවාදී බලවේග තොප්පිය දානවා ඒවාට සැලූනොත් මේ වනාන්තරේ කවදාවත් සංවර්ධනය කරා ගෙනියන්න බෑ කියලා!

කොහොම හරි තොප්පි පිට තොප්පි එද්දිත් නරින්ද්‍රයා ජොගින් ට‍්‍රැක් එකේ වැඩ කටයුතු දිගටම කරගෙන ගියා !

ඔන්න කොහොම හරි සිය දහස් ගණන් සත්තු මේ වැඬේ නවත්වන්න කියලා උද්ඝෝෂණ විරෝධතා ආරම්භ වුණා ! ඒත් නරි මන්ත‍්‍රී ඒවාට සැලූනේ නෑ මෑන්ස් කරපු වැඬේ මිනිහගේ ගැන්සියක් දාලා මේවගේ පාත් එකක් මේ වනාන්තරේට අත්‍යවශ්‍යයි කියලා උද්ඝෝෂණ ව්‍යාපරයක් පටන්ගත්තා මොන තොප්පි ආවත් කන්න බොන්න නැතුවත් අත්‍යවශ්‍යයි කියලා උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා.

ජල්බරි තොප්පි ආවත් නරින්ද්‍රයා වැඬේ දිගටම කරගෙන ගියා වැඩි දොහක් යන්නට මත්තෙන් වැව් බැම්මේ ජොගින් ට‍්‍රැක් එකේ වැඩ ඉවර කරලා මහ ඇමැතිව සිටි මී හරකෙකු ගෙන්නලා පට්ට ඕපනිං එකකුත් තිබ්බා ඉතිං ඔය විදිහට රම්පෙට පොරි රබට කැකිරි කියලා වැඬේ නැගලා ගියත් කැලෑවේ එවුන් ට‍්‍රැක් එකේ ඇවිදිනකො දකින්න ලැබුණේ නෑ!

ඒත් හැන්දෑවට කඩල ගොට්ටකුයි බෝතලයකුයි අරගෙන හීනි අඩියක් ගහන එවුන් ට‍්‍රැක් එකේ තැන් තැන් වල ආතල් ගන්නවා පෙනුනා!

දවසක් කුළුවෙක් මේ ට‍්‍රැක් එකේ සුපුරුද ගමනින් බඩගාද්දි මකුලූවෙක් අඞ්ඩඞ්ඩා මොකද මස්සිනා මෙච්චර කාලයකට උඹ විතරයි මේ ට‍්‍රැක් එකේ ජොගින් පාරක් දානවා මං දැක්කේ කිව්වා වෙන එකෙක්වත් මේ ට‍්‍රැක් එකේ ජොගින් යනවා මං නං දැක්කේ නෑ කියලා මකුලූවා පයිතගරස් ටෝක් එකක් දුන්නා. යකෝ ජොගිං යන්න නිකං පුළුවන්ද හතර හන්දි පණ තියෙන්න එපා යැයි ! මේ කැලෑවේ දැන් හතර හන්දි පණ තියෙන එකෙක් ඉන්නවාද කියලා කකුලූවා මකුලූවාට කිණ්ඩියක් දාලා පුරුදු ගමනින් ඉදිරියට ඇදුනා හෙහ් හෙහ් !රට බෙගිං ! මුන්ට ජොගින් ! යැයි කිවු මකුලූවා දැලේ ඉතුරු කොටස වියන්නට පටන් ගත්තා. වැඩි දොහක් යන්නට මත්තෙන් නරින්ද්‍රයා පටන් ගත්තු සංවර්ධන ව්‍යාපෘතියේ හැටියට ජොගින් පාත් එකේ කෙළවරේ මෑන්ස් ෆයිව් ස්ටාර් හොටෙල් එකක් පටන් ගත්තා.

ආදර්ශය : ෆයිව් ස්ටාර් හොටෙල් එකක් හදන්න බලාපොරොත්තු වන නරි මුලින්ම කරන්නේ ජොගින් පාක් එකක් හදන එකය.

සරත්චන්ද්‍ර පත්තඩුවන

advertistmentadvertistment
advertistmentadvertistment