ජොන්සන් ඉවත්වීමෙන් පසු එංගලන්තයේ අගමැති හා පක්ෂ නායක ධුරවලට තරගයක්

271

එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජොන්සන් විසින් සිය ධුරයෙන් හා පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමෙන් පසු එම තනතුරුවලට පත්වීම සඳහා පාලක කොන්සර්වේටිව් පක්ෂය තුළ බල අරගලයක් නිර්මාණය වී ඇති බව වාර්තා වී තිබේ.

පාලක පක්ෂයේ ප්‍රබල දේශපාලනඥයන් මෙන්ම නීතිපති සුවෙල්ලා බ්‍රේවර්මන් හා බ්‍රෙක්සිට් ව්‍යාපාරයේ ස්ටීව් බේකර් යන අය ද මේ වනවිට පක්ෂ නායකත්වයට පත්වීමේ සටනට එක්ව සිටි. පවතින තත්ත්වය මත නව පක්ෂ නායකයකු තෝරාපත් කරගන්නා තෙක් අගමැති ධුරයේ රැඳී සිටීමට ජොන්සන් විසින් තීරණය කර ඇත. ඔහු පාලක පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වීමත් සමගම මීළඟ පක්ෂ නායකයා තෝරා ගැනීමට නියමිතව ඇත්තේ ලබන ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන පක්ෂ සමුළුවේදීය.
කෙසේ වුවද මතභේදයට තුඩු දී සිටින ජොන්සන් අගමැති ධුරය සම්පූර්ණයෙන් අත් හැරිය යුතු බව ඔහුගේ සමීපතමයන් මෙන්ම විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් ඉල්ලා ඇතැයි එංගලන්ත මාධ්‍ය පවසයි. හිටපු අගමැතිවරයා ධුරයෙන් ඉල්ලා අස් වූ බව පැවසුව ද ඔහු විසින් ධුරවලින් කැබිනට් ඇමතිවරුන් ගණනාවක් පසුගිය දිනවල ඉල්ලා අස්වීම නිසා නව කැබිනට් මණ්ඩලයක් ද පත්කිරීමට පියවර ගෙන තිබීම ද බොහෝ දෙනාගේ විවේචනයට ලක්ව තිබේ.\

කෙසේ වුවද තමා අගමැති ධුරයේ දැනට සිටිනුයේ තාවකාලිකව වීම නිසා මින් ඉදිරියට ඩවුනින් වීථියේ පිහිටි අගමැති නිල නිවස රාජකාරි කටයුතු සඳහා භාවිත නොකරන බව අගමැති ජොන්සන් පවසා තිබේ. අත්තනෝමතික හැසිරීමක් පෙන්නුම් කළ ක්‍රිස් පින්චර් නැමැත්තා රජයේ ඉහළ තනතුරකට පත් කිරීම හේතුවෙන් හටගත් අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් කැබිනට් ඇමතිවරු හා පාලක කොන්සර්වේටිව් පක්ෂයේ නිලධාරීන් 60කට ආසන්න සංඛ්‍යාවක් ඉකුත් දින දෙක තුළදී සිය ධුරවලින් ඉල්ලා අස්වීම ජොන්සන් සිය ධුරය අත් හැරීමට මුල්විය. හිටපු මුදල් ඇමති රිෂි සුනක්, විදේශ ලේකම් ලිස් ටුස් අගමැති තනතුර සඳහා තරඟ කරන අය අතර පෙරමුණේ සිටි.

සංස්කරණය
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment